(බිඟුන් මේනක ගමගේ)
රජයට අලාභ වන පරිදි රුපියල් කෝටි 170කට අධික පිරිවැයක් දරමින් සතෝස ඉදිකිරීම් හා ඉංජිනේරු සමාගම හරහා ලක් සතොසට භාණ්ඩ මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇත.
2016 සිට 2019 වසර දක්වා සිදුව ඇතැයි කියන මෙම ගනුදෙනුව නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව ලියාපදිංචි සමාගම්වලින් මිලදීගැනීමේ ක්‍රමය යටතේ සිදුකර ඇති අතර එයින් රජයට සිදුව ඇතැයි කියන පාඩුව රුපියල් ලක්ෂ දහස් ගණනකි.
වෙළෙඳපොල වටිනාකම මෙන් කීප ගුණයකට විදුලි ජනක යන්ත්‍ර, ශීතකරණ, වායු සමීකරණ හා ඇසුරුම් රාක්ක ඇතුළු උපකරණ රැසක් ලක් සතොස සඳහා මේ යටතේ මිලදීගෙන තිබේ.
මේවා ශ්‍රී ලක්ෂණ හා උකායි යන සමාගම්වලින් උපකරණ තොග වසර තුනක කාලයක් තිස්සේ මිලදීගෙන ඇති අතර රුපියල් කෝටි 170 අධික මුදලෙන් විශාල කොටසක් දැනටමත් ගෙවා ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් පසුව මෙම ගනුදෙනුවේ සැකසහිතභාවය නිසා පරීක්ෂා කිරීම්වලින් පසුව එහි සෙසු ගෙවීම් අත්හිටුවීමට බලධාරින් තීරණය කර ඇත.
සිදුවීමට අදාළ වෙනම විමර්ශන කිරීමෙන් පසු බලධාරින් ඒ ගැන වැඩිදුර විමර්ශනයකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලබා දී ඇතැයි ද විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ යටිමඩි ගැහිල්ලෙත් වාසිය පසුගිය රජයෙන් සහරාන්ටද?
ඔතන වංචාවක් වෙලා නැහැ. මෙය විපක්ෂයේ කුමන්ත්‍රණයක්...
මේ ආණ්ඩුවේ අයගේ හොර යටගහන්න. හොරකම් කරපුවා වහන්න පහුගිය ආණ්ඩුවේ හොර අල්ලන්න යනවා. කමක් නැහැ පිළිවෙලින් අල්ලගෙන අල්ලගෙන එමු. මේ ගැන ඇහැ ගහගෙන ඉන්න .