IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ලෝක මාධ්‍ය නිදහස් දිනයට අගමැතිගෙන් පණිවුඩයක්

(ඩයනා උදයංගනී)

ජනතාවට නිවැරදි තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සුරක්ෂිත කරමින් රටේ සමාජ, සංස්කෘතික හා ආර්ථික අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා මාධ්‍ය නිදහස යෙදාගන්නැයි සියලුම ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින බව අද (3)ට යෙදෙන ලෝක මාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අගමැතිවරයා සිය පණිවුඩයේ මෙසේ ද සඳහන් කර තිබේ.‍ 

"ලෝක මාධ්‍ය නිදහස් දිනය යෙදෙන අද දිනයේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා දිවා රෑ වෙහෙසෙන සියලුම මාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන්ට සුබ පැතුම් එක් කරනුයේ ඉමහත් සතුටිනි.

මේ වනවිට තොරතුරු සන්නිවේදනය ලොව වේගයෙන්ම දියුණුවන විෂය පථයක් බවට පත්ව තිබේ. පසුගිය දශක කිහිපයක කාලය තුළ විවිධ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ජනතාවට තොරතුරු ගලා යාම වේගවත් විය.

එහෙත් කාලීන අවශ්‍යතාව වී ඇත්තේ ස්වාධීන හා වගකීම් සහගත මාධ්‍ය භාවිතාවයි. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත වන්නේ නිවැරදි මාධ්‍ය භාවිතාව තුළිනි.

ඒ වෙනුවෙන් කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීමක් මෙන්ම යුතුකම ක් ද වන බව මාගේ විශ්වාසයයි.

මෙරට මාධ්‍ය නිදහස බරපතළ ලෙස කප්පාදුවට ලක්ව තිබූ යුගයන් පිළිබඳව අප අමුතුවෙන් සිහිපත් කළ යුතු නැත. අප බලයට පත්ව සිටින සෑම අවස්ථාවකම තොරතුරු දැනගැනීමේ අයිතියත් මාධ්‍ය නිදහසත් සුරක්ෂිත කිරීමට කටයුතු කර ඇති බව සිහිපත් කරමි.

ලොවම වසංගත තත්ත්වයකින් පීඩා විඳින මෙවන් වකවානුවක තොරතුරු මහජන යහපත උදෙසාය තේමාවෙන් මෙවර ලෝක මාධ්‍ය නිදහස් දිනය සැමරීම ඉතා කාලෝචිත වේ.

රටක් වශයෙන් මෙම වසංගත අභියෝගයට මුහුණ දෙමින් එය මැඩලීමේ කාර්යයේ දී ජනතාව දැනුවත් කරමින් ජීවිත අවදානම නොතකා මාධ්‍යවේදීන් ඉටුකරනු ලබන  සුවිශේෂ කාර්යය භාරය සහ කැපකිරීම රජය සැමවිටම අගය කරමි.

දැනුමෙන් සන්නද්ධ විය යුතු ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය දියුණුව උදෙසා  අධ්‍යාපන ශිෂ්‍යත්ව මෙන්ම මාධ්‍ය උපකරණ ලබාදීමට අප තැබූ පියවර ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇත.

ජනතාවට නිවැරදි තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සුරක්ෂිත කරමින්  රටේ සමස්ත සමාජ, සංස්කෘතික හා ආර්ථික අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා මාධ්‍ය නිදහස යෙදාගන්නැයි මම සියලුම ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිමි."



අදහස් (5)

ලෝක මාධ්‍ය නිදහස් දිනයට අගමැතිගෙන් පණිවුඩයක්

don perera Monday, 03 May 2021 10:08 AM

කතා නොකළ යුතු මාතෘකාවක්

:       1       12

Sri Lanka Monday, 03 May 2021 10:35 AM

අපරාදේ කියන්න බෑ ලංකාවේ මාධ්‍ය නිදහසනම් ලෝකයේ කොහෙවත් නැති තරම්.

:       0       1

Ran Monday, 03 May 2021 11:52 AM

අපේ රටෙනම් මාධ්‍ය නිදහස දැන් දොරේ ගලනවා.

:       0       1

විපරමා Monday, 03 May 2021 12:03 PM

මාධ්‍ය නිදහස රැකපු විදිය ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ. කටින් බතල හිටවනවා ?

:       0       1

Rata Perata Monday, 03 May 2021 03:33 PM

නිකන්ම නිකන් හිස් වචන ටිකක් විතරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 94 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 240 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 591 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site