IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලෝක ආගමික දිනය අදයි

(සජීව විජේවීර )

අද ලෝක ආගමික දිනයයි.

සෑම වර්ෂයක ම ජනවාරි මාසයේ තුන්වැනි ඉරිදා දිනය ලෝක ආගමික දිනය ලෙස පිළිගෙන අදට වසර 70කි.

ආගම මානව වර්ගයාගේ ඉතිහාසය පුරාම අඛණ්ඩව විකශය වන අධ්‍යාත්මික මූලධර්ම රැසකින් සමන්විත වන අතර මානව වර්ගයා එක්සත් කිරීමේ දී ආගම වැදගත් කාර්යභාරයක් ඉටුකරයි යන්න සියලු ආගම් සම්බන්ධයෙන් වූ පොදු මතයකි.

මෙය අන්තර් ආගමික කතිකාවතකට මග පෑදීමේ දිනයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් පිළිගනී. අන්තර් ආගමික කතිකාව මංමුලා වී, එකිනෙකා සැකකරමින්, විවිධ පීඩාවන්ට පත්ව සිටින මනුෂ්‍ය වර්ගයා යහපත් මාවතකට ගැනීම සඳහා අර්ථවත් දායකත්වයක් ලබාදෙයි.

සියලු ආගමිකයන්ගේ විශ්වාසය තම ආගම සත්‍යය යන්නයි. එය පරම සත්‍යය ලෙස ඔවුහු විශ්වාස කරති.

 

කෙසේ වෙතත් සියලු විවිධත්වයෙන් ඔබ්බට සංස්කෘතික ප්‍රකාශන සහ මානව අර්ථ නිරූපන අනුව සියලුම ආගම් එකිනෙකට සමානාත්මතාවක් දක්වයි.

 

''ලෝක ආගම් හරහා ලෝක සාමය "යන අරමුණෙන් ලෝක ආගමික දිනය පිළිබඳ මුල්ම සංකල්පය ඉදිරිපත් කරන ලදී. 1949 දී එක්සත් ජනපදයේ දී විවිධ සැමරුම් දිනයන් ප්‍රකාශයට පත්කළ එරට පුවත්පතක් ‘ලෝක ආගමික දින‘ යන සංකල්පය මුල්වරට ඉදිරිපත් කර ඇත.

ඉන්පසු 1950 ජනවාරි 15 වැනි දින එක්සත් ජනපදයේ බහාමාස්හි ජාතික අධ්‍යාත්මික සභාව රැස්වී සෑම වර්ෂයකම ජනවාරි මස තුන්වැනි ඉරිදා දිනය ලෝක ආගමික දිනය විය යුතු බවට යෝජනාව සම්මත කරගැනීමෙන් මේ දිනය අද වනවිට 70 වැනි වරට ලෝක ආගමික දිනය සමරනු ලැබේ.

 

බොහෝ සංවිධාන හා රටවල් මෙම දිනය සමරන්නේ තම තමන්ට ආවේණික වූ ඇදහිලි පවත්වමින් ආගමික නායකයන්ගේ කතා හා දේශන පැවැත්වීමට හා අන්තර් ආගමික වැඩසටහන් පවත්වමිනි. තම ආගමට වඩා වෙනස් ආගම්වල අය සමඟ කතා කිරීමට හා ඒවාට ඇහුම්කන් දීමටත් වෙනත් ආගම්වල මූලික හරයන් තේරුම්ගැනීමටත් කාලය යොදවයි.

ලෝකයේ ප්‍රධාන ආගම් සැළකූ විට වැඩිම ප්‍රමාණයක් සිටින්නේ ක්‍රිස්තු භක්තිකයෝය එය ලෝක ජනගහණයෙන් 31.5% කි. ඉස්ලාම් භක්තිකයෝ 23.2% කි. ආගමක් අදහන බවට පැහැදිලි නොමැති පිරිස ලෝක ජනගහණයෙන් 16.3% කි. හින්දු ආගමිකයෝ 15%ක් සිටින අතර බෞද්ධයන් සිටින්නේ 7.1% කි.

ජන ආගම් අදහන පිරිස 5.9% ක් වන අතර වෙනත් ආගම් 0.8%කි. යුදෙව් ආගම අදහන පිරිස 0.2% කි.

විවිධ ආගම් පිළිබඳ අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ ලෝක ආගමික දිනය අප රටේ උත්කර්ශවත් ලෙස සමරන්නේ නැතත් බොහෝ රටවල සියලු ආගම් අතර අවබෝධය වර්ධනය කිරීමටත් අන්තර් ආගමික සහයෝගය වැඩිදියුණු කිරීමටත් මේ දිනය යොදාගනී.



අදහස් (0)

ලෝක ආගමික දිනය අදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site