(නිමන්ති රණසිංහ)
ප්‍රසම්පාදන ක්‍රම අනුගමනය නොකරමින් රජයට පාඩු කළ බවට අල්ලස් කොමිසම පවරා තිබූ නඩුවකින් ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ (ලක්සල) හිටපු සභාපතිවරයා ඇතුළු සිව් දෙනකු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී.රාගල මහතා අද (03) නියෝග කළේය.
කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේම අත්සන් නොමැති වීම මත ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවට අල්ලස් කොමිසම අධිකරණයට කළ දැනුම්දීම මත මෙම නඩුවෙන් චූදිතයින් නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය .
ඒ අනුව , අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 186 වගන්ති ප්‍රකාරව නැවත නඩු පැවරීමේ එකඟතාවය මත චූදිතයින් නඩුවෙන් නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
මෙලෙස නිදහස් කරනු ලැබූයේ, ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ (ලක්සල) හිටපු සභාපති අනිල් කොස්වත්ත, එහි කළමනාකාර අධ්‍යක්ෂ ලක්ෂ්මි මිනෝන් එදිරිවීර පෙරේරා, එහි මුදල් අංශයේ අධ්‍යක්ෂක සන්ධ්‍යා රෝහිණී මල්කාන්ති පෙරේරා සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ අරංගල්ලගේ උපාලි ධර්මසිරි පෙරේරා යන අයවලුන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටද මන්දා අලුත් කෙනෙකුට දැන් " නිදහසේ පියා" කියල කියන්න පටන් අරගෙන ඔන්න.
නිදහස ලබපු ලමයට ආයිමත් ලක්සල භාරදෙමු නේද. හොඳටම කරයි
නිදහසේ පියා නොවේ... ‘නිදහස කාපියා..!‘
රජය වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නෑ..!
කොමසාරිස්වරුන් තිදෙනාගේම අත්සන් නොමැති වීම මත ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සහ ආයුධ පෙන්වීමට යාම කෝකටත් තෛලය වී ඇති වගයි..
තාක්ෂණික දෝෂ නැති නඩු තියෙන්නේ කලාතුරකින්. අර රන්ජන් රාමනායකගේ නඩුව වගේ...!!