IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලක්ෂ 80ක මත්ද්‍රව්‍ය පාර්සලයක් රේගු ගුදමකදී අල්ලයි


(වී.ඒ. නිශ්ශංක)
 
හොර පාරෙන් අමෙරිකාවේ සිට ගුවනින් ගෙනා  ග්‍රෑම් 1150ක් වන, මුදලින් ලක්ෂ 80ක් පමණ වටිනාකමක් ඇති කුෂ් මත්ද්‍රව්‍ය බහාලූ ගුවන් භාණ්ඩ පාර්සලයක් සීදූව ප්‍රදේශයේ පිහිටි රේගු භාණ්ඩ මුදාහරින රේගු ගුදමේදී අද(10) එහි නිලධාරීන් සිය බාරයට ගෙන තිබේ.

 
මෙම මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් විසින් ඉතා සුරක්ෂිතව සිසිල් බීම වර්ග  සාදන කුඩා යන්ත්‍රයක්  සමග සගවා එවා තිබියදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සොයාගෙන තිබේ. එම යන්ත්‍රය ලෑලි පෙට්ටයක දමා එම ලෑලි පෙට්ටියේ හොර ලාච්චුවක් වැනි කුඩා කුටියක සැක නොසිතෙන ලෙස සගවා කොළඹ ප්‍රදේශයේ එක්තරා ව්‍යාජ ලිපිනයකට එය එවා තිබිණි. එම භාණ්ඩ රැගෙන යාමට කිසිවෙක් පැමිණ නැති බවද අනාවරණය වේ.
 
එම කුෂ් මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට භාරදීමට කටයුතු පිළියෙල කර තිබු අතර වැඩිදුර පරීක්ෂණ  ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් සිදුකරනු ඇත.
 
මෙම මත්ද්‍රව්‍ය මේ වනවිට විවිධ ක්‍රමවේද  භාවිතා කර ශ්‍රී ලංකාවට ගෙන්වුවද මොන ක්‍රමවේදයට පැමිණියත් අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් පැය විසිහතර පුරා දිවා රාත්‍රී කැපවී කටයුතු කරණ බව ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂක අජිත් දුමින්ද මහතා පැවසීය.
 
මේ වනවිට තරුණයන් අතර මෙම මත්ද්‍රව්‍ය වේගයෙන් පැතිරී යන බවත් මෙම මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකක් රුපියල් 4,000 සිට 10,000ක පමණ මුදලකට අලෙවි වන බවත් වෙළදපොලේ දැඩි ඉල්ලුමක් ඇති හෙයින් නොයෙකුත් ක්‍රම මගින් මෙරටට ගෙන්වන බවත් ඒ සියලුම මාර්ග හඳුනාගෙන ඇති බවත් එන සෑම ක්‍රමවේදයක්ම අභිබවා ගොස් ඉදිරියේදී මෙවන් වැටලීම් සිදු කරන බවද ඒ මහතා පැවසීය.



අදහස් (1)

ලක්ෂ 80ක මත්ද්‍රව්‍ය පාර්සලයක් රේගු ගුදමකදී අල්ලයි

විජේ Wednesday, 10 February 2021 10:17 PM

හරියට ගත්තොත් බෙහෙතක්, දන්නෝ දනිති. සමාජයේ ගොඩක් වගකිවයුතු අය බොහොම එළිපිට පාවිච්චි කරන දෙයක්. පාලකයන් එහි බලය ජනතාව සතුකර ගැනීමට බියෙන් කරන මර්දනයක් දෝයි වරෙක සිතේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site