IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ලක්ෂ 7ක මත් මුද්දර සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් ලක්‍ෂ හතකට අධික වටිනාකමින් යුත් මත් මුද්දර 275 ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අද(19) අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකායේ විශේෂ වැටලීම් ඒකකය පැවසීය.
 
මුද්දරයක හැඩයට සකස් කර ඇති ඉතා සියුම් පෙත්තක් වැනි මෙය දිව යට තබාගත් විට මත්වන බව කියැවේ.

මෙසේ අත්අඩංගුවට ගෙනඇත්තේ, දෙහිවල බෙල්ලන්තොට ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකු සහ මොරටුව ලක්‍ෂපතියේ පදිංචි 20 හැවිරිදි සැකකරුවෙකි. 
 
 පොලිසිය ලද තොරතුරකට අනුව, දෙහිවල ගුවන්පාලම යට රැක සිටි පොලිස් නිලධාරින් බෙල්ලන්තර දෙසින් පැමිණි සුඛෝපබෝගී රථය නවතා පරීක්‍ෂා කිරීමේදී එහි සූක්‍ෂම ලෙස සඟවා තිබූ මත් මුද්දර සොයාගෙන ඇත.
 
දීර්ඝ කාලයක පටන් සංවිධානාත්මක ලෙස ෆේස්බුක් සාද සහ පාසැල් ළමුන් ඉලක්ක කර ගනිමින් ජාවාරම කරගෙන ගොස් ඇතිබවත්, එක් මත් මුද්දරයක් රුපියල් 2,500 ත් 3,000 ත් අතර මුදලකට අලෙවිකර ඇතිබවත් පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
සැකකරුවන් නඩු භාණ්ඩ සමඟ අධිකරණයට ඉදිරිපත්කිරීම සඳහා දෙහිවල පොලිසියට භාරදී තිබේ.

 



අදහස් (1)

ලක්ෂ 7ක මත් මුද්දර සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Kumara Tuesday, 19 November 2019 01:00 PM

අපරාදේ...........

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 43 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 151 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1005 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site