( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පිළියන්දල දැල්තර ප්‍රදේශයේදි නිවසක හෙරොයින් මත් කුඩු පැකට් කරම්න් සිටි මවක් , දියණියක් ඇතුළු පුද්ගලයින් 6 දෙනකු රුපියල් ලක්ෂ 60 කට අධික හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය කියයි.
එම සැකකරුවන් සමඟ මත්කුඩු 500 ක් හා පැකට් කරන ලද මත්කුඩු පැකට් 2,000 පොලීසිය බාරයට ගෙන තිබේ.
මීට මාස හතරකට පෙරද මෙම මව සහ දියණිය මෙම නිවස මාසිකව රුපියල් 2,500 ක මාසික කුලී පදනම මත ලබාගෙන මෙම මත්කුඩු පැකටි කිරීමේ ජාවාරමේ නිරතව ඇති බව පොලිසිය කියයි.
සැකකරුවෝ අද අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
මාළුවා බ්‍රෑන්ඩ් එකද?
හැම රජයක්ම වවාගෙන කනවා... මේක ලොකු දඬුවමක් එකපාර දුන්නානම් අායිත් කරන්නේ නැහැ...
අමතක වෙලාවත්, පොලිසිය මේ කුඩු කාගේද කියලා සැකකරුවන්ගෙන් අසාවිද...?
මොනවා නැතිවුණත්.. කුඩුකාරයින් නම් එන්න.. එන්නම වැඩිවෙනවා..! මේක තමයි අපේ සිංහල ජාතියේ වඳවීම..!
කොපමණ යුද්ධ ජයගත්තද? ජගතුන් හිටියත් වැඩක් නැහැ. මේ යුද්ධය ජයගත්තේ නැතිනම් ... ඔක්කොම ඉවරයි. මේක තමයි අපේ රට සහ අනාගතය...
අපේ රටේ කුඩු ජාවාරම නම් එන්න එන්නම වැඩිවෙනවා මිසක් අඩුවීමක් නම් පේන්න නැහැ. අල්ලන කුඩුවලට මොනවද වෙන්නේ කියලා කවුද දන්නේ? කුඩුවලින් ජනතාව විනාශ කරන අයට නීතියෙන් උපරිම දඬුවම් දියයුතූයි. මේවා පව්කාර වැඩ...
මේවා නැතිකරන්නේ කොහොමද? පාර්ලිමේන්තුවේ ඉන්න අයත් කුඩු ගහන අය... නැත්නම් කුඩු මේ රටට ආනයනය කරන අය...
කුඩු ජාවරම් කාරයින්ගේ පිටිපස්සේ ඉන්නේ බලපුලුවන්කාරයෝ, දේසපාලුවෝ. උන් පගාව දීලා කොහොම හරි බේරෙනවා. දේශපාලුවන්ට අතපය දිග හැරලා වියදම් කරනවා. තෝරු, මෝරු බේරෙනවා.. හාල්මැස්සන්, කූනිස්සන් තමයි අහුවෙන්නේ..
කුඩු බොන අයයි, විකුණන අයයි ආරක්ෂා කරන්නේ නඩු කාරයොයි, පෙරකදෝරුවොයි, පොලිසියේ අයයි..., කුඩු විකුණන හා ගෙන්වන අයට වඩා ලාභ ලබන්නේ ඒ අයයි...
සම්පූර්ණ වැරැදි වැඩක්... ඔය කුඩු ගහන අයට නිදහසේ එය කරගෙන යන්න ඉඩදෙන්න.
වැරැදි වැඩක්.... මේ අයට දෙන සහන මදි..
මත්වතුර බිස්නස් කරලා පුරුදු මන්ත්‍රී ඇමති ගොල්ල ඉන්න රටක කුඩුත් බිස්නස් එකක් කියල සාධාරනී කරණය කරන එක අමාරු නැහැ. බද්දකුත් ගත්ත නම් වැඩේ සම්පුර්ණයි. ඔහොම යමු.
මෙතන අදහස් දාන අය පිළිබඳව ඉතාමත් කණගාටුයි. ප්‍රවෘත්තියක් පල වූ පමණින් තීන්දු තීරණ ගැනීමට වඩා බුද්ධිමත්ව විශ්ලේෂණය කරන්න.