(යොහාන් භාසුර)

රුපියල් ලක්‍ෂ 60 කට අධික වටිනාකමින් යුත් ඉන්දියාවෙන් ආනයන කළ උඳු කිලෝ 15,060 ක් ශ්‍රී ලංකා රේගුවේ නිවාරණ අංශය බාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පවසයි.

මෙම බහාලුමේ රුපියල් මිලියනයක පමණ වටිනාකමින් යුත් තිරිඟු කිලෝ 18,000 ක් අඩංගු බවට රේගුව නොමඟ යවමින් ආනයන කර තිබූ බවත් එය පරීක්‍ෂා කිරීමේදී ආනයනය තහනම් කර ඇති උඳු කිලෝග 15,060 ක් සොයාගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

උඳු තොගය තිරිඟු ලෙස සඳහන් කළ මළු 502 ක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස අසුරා තිබූ බවත් බහාලුම තුළ තිරිඟු අඩංගු මළු 98 ක් පමණක් තිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

රේගු නිවාරණ අංශය මේ පිළිබඳව වැඩි දුර විමර්ශන කරන බවත් විමර්ශන අවසානයේ භාණ්ඩ රාජසන්තක කර ආනයනකරුට දඩ පැනවීමට නියමිතය.