
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකු මෙහෙයවන මත්කුඩු ජාවාරමකට සම්බන්ධ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු රුපියල් ලක්ෂ 6 කට අධික වටිනා මත්කුඩු සහ මුදල් සමඟ අත්අඩංගුවට ගත් බව පිළියන්දළ පොලිසිය කියයි.
එම සැකකරුවන් සමඟ මත්කුඩු ග්‍රෑම් 20 ක ආසන්න ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 150,000 ක් පොලිස් බාරයට ගෙන ඇත.
පිළියන්දල විශ්ව කලාව හංදිය ප්‍රදේශයේ දී මත්කුඩු මිලිග්‍රෑම් 760 ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී බෝකුන්දර ප්‍රදේශයේ කාන්තාවකගෙන් මත්කුඩු මිලදී ගත් බවට අනාවරණය වීමෙන් පසුව එම කාන්තාව ද මත්කුඩු මිලිග්‍රෑම් 1600 ක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන රුපියල් 150,000 කට ආසන්න මුදලක් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
එම කාන්තාවගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙක් මත්කුඩු ලබා දුන් බවට අනාවරණය වීමෙන් පසුව ඉතා සූක්ෂම ලෙස එම කාන්තාව ලවා දුරකථන ඇමතුමක් දී මත්කුඩු ඇනවුම් කර බණ්ඩාරගම නගරයට ගෙන්වා එම පුද්ගලයා හා ත්‍රිරෝද රථ රියදුරකු මත්කුඩු ග්‍රෑම් 16 ක් පොලිස් බාරයට ගෙන ඇත.
COMMENTS
කාලයක් සියලුම මිනීමැරුම් මාකඳුරේ මධූෂ්ගේ, පස්සේ අංගොඩ ලොක්කාගේ, මේතරම් ආරක්ෂාවක්... බුද්ධි අංශයක්... ඇති තැන මත්ද්‍රව්‍ය මෙහෙයුම් කරන්නේ ඇතුලේ කියලා කියන්නේ කොහොමද? කේපී වගේ මධූෂ්වත් නලවාගෙන බලවතුන් කරන්න සෙල්ලමක් ඇතුලේ අය කියා ගිණුමක් හදාගෙන...