
(යොහාන් භාසුර)
ලක්ෂ 50 කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධීව මෙරටට ආනයනය කල විදේශීය දුම්වැටි 60,000 ක තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට ගැනීමට සමත් විය.
සිගරැට් තොගය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා සතුව තිබී රුපියල් නව ලක්ෂයකට අධික මුදලක් සහ ඔවුන් ගමන් ගත් වෑන් රථය ද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් වයස අවුරුදු 44 සහ 46 ක් වන බේරුවල හා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංච් පුද්ගලයින් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
විශේෂ විශේෂ බලකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ (කොළඹ කලාපය) නිලධාරීන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය සහ බස්නාහිර පලාත් කලාප අණදෙණ නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ආර්.ඒම්. සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් පරික්ෂක බී.එස්.එච්. පීරිස් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වත්තල පොලිස් වසමේ කල්‍යාණී පාර, රබීනා කම්පැණි ඉඩමේ කළ වැටලීමකදී මෙම සිගරැට් තොගය සොයාගෙන තිබේ.
COMMENTS