(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් 500,000ට අධික වටිනාකමින් යුතු කොකේන් මත්ද්‍රව්‍ය ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටි නයිජීරියානු ජාතිකයන් දෙදෙනෙකු හා ත්‍රීරෝද රථ රියදුරු ගල්කිස්ස බේකරිය හන්දියේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
ග්‍රෑම් 32කින් යුතු එම මත්ද්‍රව්‍ය උපත් පාලන කොපු දෙකක බහා තිබූ බව පොලිසිය කියයි.
සැකකාර නයිජීරියානු ජාතිකයන් දෙදෙනාට 2018 අප්‍රේල් මාසයේ සිට මෙරට රැඳී සිටීමට වීසා නොමැති බව පරීක්ෂණවලදී හෙළි වී ඇත.
ඔවුන් සතුව තිබී රුපියල් 162,700ක මුදලක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
සැකකරුවන් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාන්තම්.... මත්ද්‍රව්‍යවලින් නම් දැන් අපේ රට ස්වයංපෝෂිතයි වගේ! මොන තරම් තත්වයක්ද?
නයිජීරියාවේ "ඇෆ්රිකන් බ්ලැක් මාෆියා" අමතක නොකරන්න..! මෙයාලා මුළු ලෝකයේම ප්‍රසිද්ධ වැඩකාරයෝ...