නිමන්ති රණසිංහ
රුපියල් ලක්ෂ 4 ක් වටිනා නීතිවිරෝධී සිගරට් තොගයක් සමඟ ගුවන් හමුදා බළඝණ නායකයකු කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අද (25) අත්අඩංගුවට ගනු ලැබීය.
කොළඹ කොටුවේ සිට හිඟුරක්ගොඩ ප්‍රදේශය දක්වා ගමන් ගන්නා බස් රථයක් තුළ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සන්තකයේ තිබී බණ්ඩල 40 ක සිගරට් තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බවට එම දූෂණ මර්දන ඒකකය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු මාලිගාතැන්න මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුවෙකුගේ සහ නීති කඩන්නෙකුගේ වෙනස තේරුම් ගන්න බැරි කට්ටිය... දැන් ඉතින් රණවිරු ඝෝෂාව පටන් ගනී.
රණවිරුවන්ට අත නොතබනු..! මෙහි ඇති වලංගු භාවය කොපමණද? උතුම් හමුදා නිලධාරීන්ටත් කරන අවනම්බුවකි.
අපේ රටේ නීතිය රකින්නන්ගේ විනය අන්තිමයි. මතකනේ ලඟදි පිස්තෝලයක් ඇදගෙන දඟලපු දැඟලිල්ල.