
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
පාසල් බෑගයක් තුළ සඟවා ප්‍රවාහනයට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 4 ක් පමණ වටිනා කේරල ගංජා සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයේ නිවසක දී අද(22) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරු සමඟ ගංජා කිලෝ දෙකයි ග්‍රෑම් 90වක් පොලිසිය භාරයට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයේ බුද්ධි ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දුනුසිංහ මහතාට ලද රහසිගත තොරතුරකට අනුව එම නිවස වටලා පරීක්ෂා කිරීමේදී මෙම ගංජා තොගය පාසල් බෑගය තුළ අසුරා තිබියදී සොයාගැනීමට හැකිවූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd