(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් 3,750,000 අධික  වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් පෑලියගොඩ පට්ටිය හංදිය ප්‍රදේශයේදී   අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ කොට්ඨාස විමර්ශන අංශය කියයි.

සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 පොලිස් භාරයට ගෙන ඇත.

වයස අවුරුදු 36 සහ 41 පසුවන සැකකරුවන් දෙදෙනා වැල්ලම්පිටිය හා කැලණියේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම, ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ සැකකරුවන් අලුත්කඩේ අංක 5  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පෑලියගොඩ කොට්ඨාස විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.