(මනෝප‍්‍රිය ගුණසේකර)
ගේට්වේ ජාත්‍යයන්තර පාසලේ රුපියල් ලක්‍ෂ 30ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරද පිළිගත් එම ජාත්‍යයන්තර පාසලේ හිටපු සම්බන්ධීකරණ නිලධාරිණියට අත්හිටවු සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා රුපියල් ලක්‍ෂ 11ක වන්දියක් එම ජාත්‍යයන්තර පාසලට ගෙවීමට නියම කළේය.
විත්තිකාරියට වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර එම දඬුවම වසර 07 කාලයක් සඳහා අත්හිටුවීමට නියම කළ විනිසුරුවරයා රුපියල් 10,000/-ක දඩයකටද ඇය යටත් කළේය.
චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුවේ ගේට්වේ ජාත්‍යයන්තර පාසලේ සම්බන්ධීකරණ නිලධාරිණිය ලෙස කටයුතු කළ ෆාතිමා නසීනා කිල්රූ නමැත්තියටය.
2007 දෙසැම්බර් මස පළමුවැනිදාත් 2008 නොවැම්බර් මස 30 වැනිදාත් අතර කාලයේ ගේට්වේ ජාත්‍යයන්තර පාසලේ සම්බන්ධීකරණ නිලධාරිණිය ලෙස කටයුතු කරමින් එම පාසලේ රුපියල් 3002997/- ක මුදලක් විශ්වාසය කඩ කිරීම සහ එම මුදල් සාවද්‍ය පරිහරණය කිරීම යටතේ නීතීපතිවරයා විසින් විත්තිකාරියට එරෙහිව නඩු පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් නඩු තීන්දු ගැන පුදුම හිතෙනවා. ලක්ෂ 30ක් වංචාව ලක්ෂ 11 ක වන්දියක් 10000 ක දඩයක් වංචාවක් කළ පුද්ගලයාට 18 ලක්ෂ 90 දාහක ලාභයක්...
හොරකම් කිරීම ලාභ ලැබියහැකි ව්‍යාපාරයක් කරගෙන...
කාන්තාවක් හැටියට කියන්නත් ලැජ්ජයි අපේ රටේ කාන්තා පක්ෂයේ සමහරුන්ට , සමාජ විරෝධී වැඩ කරන්න , නීතිය උල්ලංගනය කරන්න , ආචාර ධර්ම කඩ කරන්න දැන් කිසිම පැකිලීමක් නැහැ . මේ කාන්තාවගේ නම ප්‍රසිද්ධ කළා කියලත්. දැන් සමහරු දොස් කියාවි. හොර රහසේ දඬුවම් වින්දාට පසුව තවත් තැනක රැකියාවකට ගොස් එතන සේප්පුවටත් වග කියපුවාම තේරේවි. මම ළඟදී දැක්කා ඕස්ට්‍රේලියාවේ තැපැල් භාණ්ඩ සොරකම් කල ලාංකිකයෙකුව රටෙන් පිටුවහල් කල පුවතක්. එතැනදී කියලා තිබුනේ ඥාතියෙකුට ලක්ෂ ගානක් ණය වුන නිසා සොරකම්. කළා කියලා. මෙහෙම හොරකම සාධාරණීකරණය කරමින් රටේ හැමෝම හොරකම් කලොත් මොකද වෙන්නේ ? අපේ රටේ තිබෙන්නේ මානුෂික හේතු මත වැරදි කලාට කමක් නැහැ කියන ඉතා පිළිකුල් සහගත මතයක්. එහෙම නැත්තන් රටේ දේශපාලකයන් හොරකම් කරන නිසා අපි කලාට මොකද කියලා අහනවා. අනුන් කල නිසා මම කලාට මොකද නැති නම් , මේක තමයි දැන් අලුත්ම රැල්ල කියමින සමාජ විරෝධී වැඩ කරන එක අපි නම් අනුමත කරන්නේ නැහැ .
අපේ ගෙදරකට හොරුපැනලා උසාවියෙදී වරදකාරයා ලෙස පිළිගෙන හොරකම් කල මුදලින් වන්දියි දඩයයි ගෙවලා ඉතිරි සල්ලි සාක්ක්කුවේ දමාගෙන ඊළඟ හොරකමට යාවි. වෙන්න බැරිද මේ නඩු තීන්දුව අනුව?
පව් දෙයියනේ !