
(පද්මා කුමාරී කංකානම්ගේ)
ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මගින් ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන, රුපියල් ලක්ෂ 25 ක පමණ වටිනාකමින් යුතු කේරළ ගංජා ,සැකකරුවන් 5දෙනෙකු සමග අද(16) අලුයම අත්අඩංගුවට ගත් බැව් කල්පිටිය පොලිසිය පවසයි.
පාර්සල් 10ක අසුරණ ලද කිලෝ 22කුත් ග්‍රෑම් 475 ක් වන කේරළ ගංජා තොගයක් මෙහිදී සොයාගෙන ඇත.
සැකකරුවන් අතර කාන්තාවක් ද වන අතර ඔවුන් සියලුදෙනා කන්දකුලිය සහ කුරුඥම්පිටිය පදිංචි,වයස අවුරුදු 30 ත් 50 ත් අතර අයවලුන් ය.
ඊයේ සැන්දෑවේ සැකකරුවෙකු සහ කාන්තාවක යතුරු පැදියකින් කේරළ ගංජා ඇසුරුම් 4ක් ප්‍රවාහනය කරමින් සිටිය දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.අනතුරුව ප්‍රශ්න කිරීමේදී එවැනි ඇසුරුම් 6ක් ධීවරයෙකු හා තවත් සැකකරුවන් තිදෙනෙකු සන්තකයේ තිබිය දී සොයා ගෙන ඇත.සැකකාර ධීවරයා පවසා ඇත්තේ මුහුදේ පාවෙමීන් තිබී මෙම ඇසුරුම් අහුලා ගත් බව ය.
සැකකරුවන් කල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2025 දෙසැම්බර් මස 04
517
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
476
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක්ෂ 25ක කේරළ ගංජා කල්පිටියෙන් අල්ලයි