IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලක්ෂ 20 ක ඩ්‍රෝන කැමරා 5 ක් අල්ලයි

(දෙහිවල එච්.එම්. ධර්මපාල)
             
රත්මලාන  ප්‍රධාන පාතාල සාමාජිකයෙකූ වූ කොචිච්කඩේ ප්‍රදේශයේදී පොලීස් වෙඩි පහරින් ඝාතනයට ලක්වූ ‘රොහා‘ යන අයගේ මරණය සම්බන්ධයෙන් සතුට සැමරීමට කටයුතු කළ කුඩු අංජුගේ  සහෝදරිය සමග ඊයේ (25) ගල්කිස්ස  නිසල අරණ සුසාන භූමියේදී අත්අඩංගුවට ගත් ඩ්‍රෝන යන්ත්‍ර සමග අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමකට ලක්කෙරිණි. එහිදී රුපියල් ලක්ෂ 20 කට අධික ඩ්‍රෝන කැමරා 5 ක් ඇතුලු උපකරණ තොගයක් කඩුවෙල ප්‍රධාන සැකකරුගේ නිවසේ තිබී අද (26) සවස දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

සැකකරු කඩුවෙල පදිංචි වයස 38ක අයෙකු වන අතර කිසිඳු බලපත්‍රයක් නොමැතිව ඩ්‍රෝන යන්ත්‍ර ආනයනය කිරීමේ ආයතනයක් පවත්වාගෙන යනු ලැබ ඇතිබවත්, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා විශාල ඩ්‍රෝනා යන්ත්‍ර  2ක් හා කැමරාකරණය කරන ඩ්‍රෝන කැමරා 3 ක්ද සමග උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර පරීක්‍ෂණ දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  එච්.එල්. දුෂ්මන්ත මහතා අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් උදයංග මහතා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරගෙන යනු ලබයි.



අදහස් (0)

ලක්ෂ 20 ක ඩ්‍රෝන කැමරා 5 ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site