IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලක්ෂ 20ක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
රුපියල් ලක්ෂ විස්සකට ආසන්න හෙරොයින් මත්කුඩු තොගයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කොස්ගම හිඟුරලදී අත්අඩංගුවට ගත් බව කොස්ගම පොලිසිය පවසයි.
 
එම පුද්ගලයා සතුව තිබී මත්කුඩු ග්‍රෑම් 104යි මිලිග්‍රෑම් 800ක් සොයාගත් බව පොලිසිය කියයි.
 
පුද්ගලයකු මත්කුඩු රැගෙන යතුරුපැදියකින් යන බවට කොස්ගම පොලිසිය ලද තොරතුරකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
සැකකරු ගාල්ල ප්‍රදේශයෙන් මත්කුඩු රැගෙන පැමිණ ඇති බවත් විද්‍යුත් මුදල් හුවමාරු ක්‍රමය යටතේ අවිස්සාවේල්ල, කොස්ගම, දැරණියගල, හංවැල්ල යන ප්‍රදේශවලට මත්කුඩු බෙදාහැර ඇති බවත් අනාවරණය වී ඇති බවත් පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි පුද්ගලයෙකි.
 
සැකකරු අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ලක්ෂ 20ක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site