(ටී.කේ.ජී.කපිල )
චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතිකයකු අද(29) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොහු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන ආයෝජන ව්‍යපෘතියක සේවය කරන 30 හැවිරිදි චීන ජාතිකයෙකි.
මෙම දුම්වැටිවල වටිනාකම රුපියල් ලක්ෂ 19ක් පමණ වන බව ද ඒ මහතා කීය.
සැකකරු ගෙන ආ ගමන් මලු කීපයක, කාඩ්බෝඩ් අසුරා, ඒවා අතර දුම්වැටි 38,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 190 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd