(ටී. කේ. ජී. කපිල )
දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (12) කටුනායක ගුවන් තොටුපළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.
රුපියල් 1,628,000ක් වටිනා විදේශ දුම්වැටි 29,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 148ක් සැකකරු ගෙන ආ ගමන්මල්ලේ තිබී සොයාගෙන ඇත.
කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීවරු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd