(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 10 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ විශ‍්‍රාමික සුරාබදු නිලධාරියෙක් හා ව්‍යාපාරිකයෙක් හෙයියන්තුඩුව ප‍්‍රදේශයේදී අද (08) විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හෙයියන්තුඩුව ප‍්‍රදේශයේ ටයර් ව්‍යාපාරිකයෙක් මහපරිමානයෙන් මත්කුඩු ජාවාරම්කරන බවට ලැබුණු තොරතුරක් මත විශේෂ කාර්ය බලකායේ භට කණ්ඩායමක් මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා හෙරොයින් වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd