(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු හා තවත් පුද්ගලයෙකු මෝටර් රථයකින් රුපියල් 500,000කට ආසන්න කේරළ ගංජා තොගයක් රැගෙන යමින් සිටියදී බණ්ඩාරගමදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස මෙහෙයුම් ඒකකය කියයි.
සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා කිලිනොච්චි හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන බිබිල පදිංචිකරුවකු බවද අනෙක් පුද්ගලයා කුරුණෑගල පදිංචි 36 හැවිරිදි අයෙක් බවද පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා පානදුර හා හොරණ ප්‍රදේශවලට මෙම ගංජා බෙදා හැරීම සඳහා රැගෙන ආ බව පොලිසිය වැඩිදුරටත් කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
"වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව " නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතාණෙනි,එස් ටී එෆ් බලකායේ නම කෙළෙසූ මෙම නිලධාරියාට කිසිදු බුරුලක් නොදී මොහු හා සන්බන්ධ තවත් දේ දැනගෙන මෙවැනි අකටයුතු මර්දනය කරන්න.
ඔය බෙරිහන් දීගෙන මත් කුඩු මත් වතුර නවත්තන්න ඕන කියන අය ඉන්නවා නේද . අනිවා ඔවා ගෙන්වන්නෙත් ඔවුන්මයි. ඒක නිසා දැන් කරන්න ඔන රටේ නායකයාගේ සිට පහලට එනකන් ඔවාට සම්බන්ධ අයව හොයලා හෙලි කරන එක
ගංජා අල්ලනවා කුඩු අල්ලනවා කියාගෙන කිලෝ සිය ගණන් අල්ලන මත්ද්‍රව්‍යවලට අම්මප මක්වෙනවද කියන ප්‍රශ්ණෙ අපිට ගොඩාක් කාලෙක ඉඳන් තිබුණා…....ඒව දිගටම සමාජයතුළම සංසරණය වන ක්‍රමවේද තියෙන බවට සැකයකුත් තබුණා.
අප විස්වාස කරනවා මේ අයගේ සම්පුර්ණ නම් මෙන්ම ලිපිනයන්ද ප්‍රසිද්ද කිරීමෙන් මෙවන් නීති විරෝදී වැඩවලට නිරත වීමේ ප්‍රවනතාවයක් සුළුවෙන් හෝ අඩුවෙයි යන්න. අප එසේ පවසන්නේ ඒවිට තම තමන්ගේ ඥාතින්ටත් අඹුදරුවන්ට එය අවනම්බුවක් මෙන්ම සමාජය තුල කැත නමක් ගොඩ නැගෙන බැවින්ය. මෙය සෑම හොරෙකුටම අදාළ වියයුතු යන්න අපගේ අදහසයි.