(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොරෝනා ආසාදිත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආශ්‍රිතවු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරු නිවෙස් නිරෝධායනයට  යොමු වූහ.

විපක්ෂ නායකවරයාට ආශ්‍රිත වී ඇති හෙයින් සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඒ මන්ත්‍රීවරුන් දෙදෙනාටත් තවත් මන්ත්‍රිවරුන් කීප දෙනෙකුටත් දැනුම් දුන්නේය.

මේ මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස මහතාට ආශ්‍රිත වී ඇතැයි හඳුනා ගැනුණේ පාර්ලිමේන්තුවේ සීසීටීවී කැමරා පද්ධති පරික්ෂා කිරීමේදීය.

ප්‍රේමදාස මහතාට සමීප වූ පාර්ලිමේන්තු සේවකයන් සොයා ගැනීමට ද සිසිටිවි කැමරා පරික්ෂා කර ගෙන යන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය