IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලංකාවේ කුකුළු මස් ඕමානයට

 

( තිළිණි ද සිල්වා )

 

ශ්‍රී ලංකාවේ කුකුළු මස් නිෂ්පාදනයන් ඕමානයේ අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

ඒ අනුව ඕමානයේ අල් හමාඩ් ඇන්ඩ් කන්ට්‍රෑක්ට් එල්.එල්.සී සමාගමට අයත් අලෙවිසැල් හරහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙළේ කුකුලු මස් නිෂ්පාදන සමාගමක් වන ‘ක්‍රිස්බෝ ‘ ශීත කළ කුකුළු මස් අලෙවි කිරීම ආරම්භ කර ඇතැයි ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.

පසුගිය වසරේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කුකුළු මස් නිෂ්පාදන අපනයනය කිරීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරම්භ කරන ලදී. මීට පෙර ශ්‍රී ලංකාවේ ෆාම්ස් ප්‍රයිඩ් පෞද්ගලික සමාගමද ඕමානයට කුකුළු මස් මෙට්‍රික් ටොන් 30 ක් අපනයනය කළේය.

එය මැදපෙරදිග වෙළදපොළට ශ්‍රී ලංකාවේ කුකුළු මස් නිෂ්පාදන අලෙවි කළ ප්‍රථම අවස්ථාව වේ.



අදහස් (2)

ලංකාවේ කුකුළු මස් ඕමානයට

සේන Monday, 29 June 2020 10:25 AM

මස් අපනයනය කළාට පව් ආනයනය ⁣වෙනවා. මේ වගේ පව්කාර වැඩ නම් අවශ්‍ය නෑ. ධාර්මික ව්‍යාපාරයක් නෙවෙයි..

:       0       0

Hasan Monday, 29 June 2020 10:37 AM

එතකොට හලාල් සහතිකය වලංගුද දන්නේ නැහැ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site