රංජන් කස්තුරි
ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටි ප්‍රමිතියෙන් යුක්තවන අතර ඒවායේ අහිතකර ද්‍රව්‍ය අඩංගු බවට මෙතෙක් කිසිදු විද්‍යාත්මක පරීක්ෂණයකින් තහවුරු වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ වෛද්‍යවරු පවසති.
මෙරට ආනයනය කරන සියලුම කිරිපිටි වරායේ දී සාම්පල පරික්ෂාවකට ලක් කරන අතර පසුව නැවත රසායනාගාර පරීක්ෂාවකටත් එම කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙක් ආනයනය කරන රටවලින් සහතිකයකුත් ලබා ගන්නා බවද එම විශේෂඥ වෛද්‍යවරු පැවසුහ.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පැවැත් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එසේ සඳහන් කළේය.
එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අදහස් දැක්වු රාජිත සේනාරත්න මහතා කීවේ කිරිපිටි ප්‍රශ්නය විද්‍යාත්මක එකක් මිස දේශපාලන ප්‍රශ්නයක් නොවන බවයි.
ජනාධිපතිවරයා කිරිපිටි ප්‍රශ්නය කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා නොකළ බවද එහිදී ඇමැතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර වාහනේ හප්පලා මිනිහෙක් මරපු වෛද්‍යවරියගේ පරීක්ෂණ කරලා මත්පැන් පානය කරල නෑ කියලා වෛද්‍ය වාර්ථා දීපු වෛද්‍යවරු ඉන්න රටක් මේක
මගේ ප්‍රශ්නය ඇන්කර් කිලෝ එකක් අපේ රටේ විකුණන මිලට වඩා නිෂ්පාදිත රටේ මිල වැඩි ඇයි
මට නම් ඕක ගුණද අගුණ ද කියන එක නෙමෙයි ප්‍රශ්නෙ. අපි හුඟාක් සෞඛ්‍ය ප්‍රශ්න වලට ඉතාම සෙමින් තමයි උත්තර හොයන්නේ. හොඳම උදාහරණ තමයි වකුගඩු රෝග ප්‍රශ්නය, ඩෙංගු මර්දන වැඩසටහන, සීටී ස්කෑනර් ප්‍රශ්නය , බෙහෙත් හිඟය වගේ දේවල් තාම තියෙනවා. මේ ඔක්කොම තියෙද්දී අපි ඉතා වේගයෙන් සහතික දෙන්න හදනව පිටරට සමාගම් වල කිරිපිටි වලට. ඇයි මේ?
දී කිරට බළල්ලුත් සාක්කිලු.
කට්ටියටම කිරිපිටි සමාගම් වලින් ලොකු කුට්ටියක් ලැබිලා වගේ. මම නම් කියන්නෙ කිරිපිටිකාරයන්ගේ හොර ජාවාරමක් තියනවා. මෙයාලා සුදු හුනු ගානවා. මේ ගැන වහාම පරික්ෂණයක් කල යුතුයි
එක එක්කෙනා එක එක කියනකොට අපිට නම් නිකන් පිස්සු වගේ.....
මට හිතාගන්න බෑ මේ මිනිස්සු මේ තරමට රට මුලා කරලා අන්දුන් කුන්දුන් කරලා දාන්නේ ඇයි කියලා. රටේ ජනාධිපති කියනවා එකක්. සෞඛ්‍ය ඇමති කියනවා තව එකක්. දොස්තරලා කියනවා තව එකක්. කවුද හරි?
මේ පරීක්ෂණය කිරිපිටි වල ඌරු කිරි සහ පාම් තෙල් අන්තර්ගතද කියන එක ගැන නෙමෙයි. ඌරු කිරි සහ පාම් තෙල් විෂකාරක නෙමෙයි. කිරි ප්‍රමිතියෙන් යුතුයි නියමයි
කීයක් හම්බ වුනාද දන්නේ නැහැ කොමිස් හැටියට හැමෝටම? එක එක්කෙනා එක එක කියනකොට අපිට නම් නිකන් "මොංගල්" වගේ.....
දැං ලංකාවේ නිසිම දෙයක් විශ්වාසයකින් පරිභෝජනය කරන්න බැරි තත්වයකට පත් වෙලා. ළමයෙකුට විශ්වාසයෙන් කන්න බොන්න දෙන්න දෙයක් නෑ. මේ රටේ උගත් හෝ නූගත් කිසිම කෙනෙක් කියන කිසි දෙයක් විශ්වාස කරන්න බෑ. හරිම තුචිච විදියට සමාජය පිරිහිලා. ඇමතියල නම් කෙහෙමෙත් ගවයින් නිසා කමක් නෑ උන් කියන කිසි දෙයක් අපි කෙහොමත් විශ්වාස කරන්නේ නෑ. ඒත් ඇයි මේ වෛද්‍යවරු වගේ මිනිසුන් දෙවියන් ලෙස සලකන කොටසකුත් අසරණ මිනිසුන් සහ අහිංසක ළමයින් මරණය කරා ඇද යන්උන්ට උදව් කරන්නේ.
මේ එක දොස්තර කෙනෙකුගේ නමක් හෙළි කරන්න
කාගේ කාගේත් කෙරුවාවල් අපි හැමදාම දැක්කනේ. මම නම් ගෙදරට දැන් ගන්නේ ලංකාවේම හදන කිරිපිටි විතරමයි.
කිරිපිටි සමාගම් , පත්තර පිටු පුරා දැන්වීම් දමනවා ඒ පිටිවල මොනවත් නැහැ අරහේ පරික්ෂා කරා , මෙහෙ පරික්ෂා කරා කියලා සාමාන්‍ය ජනතාවට මේ පරීක්ෂණ කරන්න බැහැ නෙව. කව්රුහරි වගකිව යුත්තෙක් නැහැ මේකෙදිත් හරියට තත්වය කියන්න එක මේ රටේ අවාසනාව. මේ දේ හින්ද මෙච්චරකල් අපේ රටේ විතරක් හදන කිරි විතරක් බීපු අපි වගේ අයට වෙළඳපොලේ ඒවා ගන්න නැහැ.
කවුරු හරි, කාගෙන් හරි කප්පම් මුදලක ගන්න හදනවා .. ෂුවර්!