IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ලක්මව රනින් සැරසූ දිනේෂ්ට ජනපතිගෙන් සුබපැතුම්

(නිමන්ති රණසිංහ)

“ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමේ ශ්‍රී ලංකාව ඉහළින් ඔසවා තැබීමට ඔබ ගත් ප්‍රයත්නය මා ඉතාමත් අගය කොට සලකමි” යනුවෙන් සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රන්පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත මහතාට සුභ පතමින් සිය ට්විටර් ගිණුමේ පණිවුඩක් තබා ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමුවරට ‘පැරාලිම්පික්’ රන් පදක්කමක් දිනූ දිනේෂ් ප්‍රියන්ත මහතාට සුභ පතමින් ජනාධිපතිවරයා අද (30) පෙරවරුවේ සිය ට්විටර් ගිණුමේ එසේ සටහනක් තබා තිබේ.

එමෙන්ම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඔවුන්ගේ ට්විටර් පණිවුඩයක් මඟින් දිනේෂ් ප්‍රියන්ත මහතාට සිය සුබපැතුම් එක් කිරීමට කටයුතු කර තිබුණි.

මෙරට ක්‍රීඩා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සටහන් කරමින් හෙල්ල විසිකිරීමේ තරගයෙන් පළමු පැරාලිම්පික් රන් පදක්කම හිමිකර ගැනීමට ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතා “2020 ටෝකියෝ පැරාලිම්පික් උලෙළේදී” අද (30) සමත් විය.



අදහස් (12)

ලක්මව රනින් සැරසූ දිනේෂ්ට ජනපතිගෙන් සුබපැතුම්

Nuwan Monday, 30 August 2021 01:36 PM

දැන් ඔය තරගකරු තියාගෙන දේශපාලකයෝ නොයෙක් දේ කරාවි...!

:       6       23

idunil Monday, 30 August 2021 01:37 PM

ලක්මව ලෝකෙන්ම ණයබරින් මිරිකී සිටින අංක 01 රට බවට පත්කළ අපේ අසාර්ථක පාලකයින්ට දෙන්න පදක්කම් නැහැ...!

:       11       26

SUNIL MILANO Monday, 30 August 2021 02:06 PM

ලෝක වාර්තාවකට හිමිකම් කියපු ඔබතුමාට මගේ හෘදයංගම සුබ පැතුම් පුදකරමි.

:       1       13

K PereraMonday, 30 August 2021 03:08 PM

ඔබගේ අදහස පැහැදිලි මදි.. ලෝකවාර්තාවකට ‘හිමිකම් කියපු ඔබතුමා‘ කියලා සඳහන් කෙරුවේ කාටද? දෙදෙනාම දැන් ලෝක වර්තා පිහිටුවලා තිබෙනවා. කෙසේවෙතත් දිනේෂ් ගැනනම් සඳහන් කළ ඔබට මගේ ප්‍රණාමය...

:       1       6

SUNIL MILANO Monday, 30 August 2021 02:13 PM

නුවන්, ඉඳුනිල් මේ අවස්ථාවේ එළෙව්වොත් මෙලොවටත් නැති කතා කියන්න එපා... ලෝක වාර්තාවක් තබපු මෙතුමාට මෙතුමාට සුබ පතන්න...

:       3       11

NuwanMonday, 30 August 2021 03:31 PM

මම කිව්වේ මේ නම්බුව ගෙනාපු තරගකරුවන්ගේ කරමතින් අසාර්ථක දේශපාලකයෝ තමන්ගේ නම පොලිෂ් කරන එක ගැන... කවදත් වුණේ ඒක නිසා...!

:       1       9

Senarath Monday, 30 August 2021 02:25 PM

ජනපතිදුනි අපේ විරුවට උසස්වීමක් ලබාදෙන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

:       3       6

සෑම් Monday, 30 August 2021 02:34 PM

අගාධය කරා රටවල් මෙහෙය වීමේ ඔලිම්පික් තරගයේ නව ලෝක වාර්තාවක් සමග ශ්‍රී ලංකාවට මේ ළඟ රන් පදක්කම

:       3       11

Rohitha Monday, 30 August 2021 02:36 PM

නාමල් පුතා ජනාධිපති පුටුවට ඡන්දේ ඉල්ලනකන් ඕක කියවාවි.

:       5       20

මාමMonday, 30 August 2021 06:54 PM

නොදකින් විතරක්.., මේ රටේ මිනිස්සු එච්චර අවාසනාවන්ත නෑ.

:       0       0

Medamulana Monday, 30 August 2021 04:31 PM

ඔබතුමාගේ වාසනාව තමයි ඉතින්... ඔබතුමාට දිවි ඇති තෙක් මේ රට පාලනය කරන්න වරම් හිමිවේවා...!!!

:       4       1

දාසMonday, 30 August 2021 05:53 PM

සුබ පැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1311 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1240 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site