(නිමන්ති රණසිංහ)
සීමාසහිත විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් 16 වැනි වරට පවත්වනු ලබන ඓතිහාසික තන්තිරිමලේ රජමහ විහාරස්ථානයේ ආලෝක පහන් පූජාවේ දෙවැනි දිනය අදයි.
අද විදුලි ආලෝක පහන් දැල්වීම විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (16) පස්වරු 7.00ට සිදුවිය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා, සීමාසහිත විජය පුවත්පත් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සුජාන් විජයවර්ධන මහතා, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, විජය පුවත්පත් සමාගමේ ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඓතිහාසික තන්තිරිමලේ රජමහ විහාරස්ථානයට පැමිණ සිටින දසදහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සාධූ නදින් මෙම ආලෝක පූජාවේ විදුලි පහන් දැල්වීම සිදුවූ අතර, තන්තිරිමලේ රජමහ විහාරස්ථානයේ සියලුම ස්ථාන විදුලි ආලෝකයෙන් ඒකාලෝක විය.





(ඡායාරූප -ඉෂාන් සංජීව)
2025 දෙසැම්බර් මස 16
57
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලංකාදීප ආලෝක පුජාවේ දෙවැනි දිනය අදයි