IMG-LOGO

ලාංකික සිසුන් නිපදවූ ප්‍රථම චන්ද්‍රිකාව අප්‍රේල් මාසයේදී අභ්‍යාවකාශයට

ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනකු විසින් නිපදවූ ප්‍රථම අභ්‍යාවකාශ චන්ද්‍රිකාව (රාවණා - 1) ලබන අප්‍රේල් මාසයේ දී අභ්‍යාවකාශයට පිවිසීමට සැලසුම් කර ඇති බව ආතර් සී ක්ලාක් ආයතනයේ නිලධාරියකු පැවසීය.                    

රාවණා - 1 යනු කුඩා ප්‍රමාණයේ ක්ෂුද්‍රරූපී චන්ද්‍රිකාවකි. මෙම චන්ද්‍රිකාව නිපදවනු ලැබුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු තරිදු දයාරත්න සහ ආතර් සී ක්ලාක් ආයතනයේ පරීක්ෂණ ඉංජිනේරුවරියක් වන දුලානි චාමිකා යන දෙදෙනාය.                                   

රාවණා - 1 පෘථිවියෙන් කිලෝමීටර් 400 ක් ඈතින් පිහිටා තිබේ. මෙහි උපරිම ආයු කාලය වසරක් හෝ වසර එකහමාරක් පමණ වේ.                                                     

රාවණා - 1 චන්ද්‍රිකාවේ ප්‍රමාණය ඝණ සෙන්ටිමීටර 1000 ක් වන අතර එහි බර කිලෝග්‍රෑම් 1.1 කි.                                           
2019 පෙබරවාරි 18 වැනි දා ජපාන අභ්‍යාවකාශ ගවේෂණ ආයතනය වෙත චන්ද්‍රිකාව නිල වශයෙන් බාරදෙනු ලැබීය. එය අප්‍රේල් 17 වැනි දා ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත යවනු ලබයි.                                                             

මෙමගින් ශ්‍රී ලංකාවට අවට ඡායාරූප ගැනීම ඇතුළු අරමුණු පහක් ඉටුකර ගැනීමට අපේක්ෂා කෙරේ.
 
ඩේලිමීරර් ඇසුරෙනි                                          

පරිවර්තනය - මලීෂා ගුණවර්ධන



අදහස් (28)

ලාංකික සිසුන් නිපදවූ ප්‍රථම චන්ද්‍රිකාව අප්‍රේල් මාසයේදී අභ්‍යාවකාශයට

දිමුත් Wednesday, 20 February 2019 10:35 AM

ජය වේවා!

:       0       335

Raveendra Wednesday, 20 February 2019 10:45 AM

දරුවනේ.... නුඹලාට අපගේ හදවතින්ම උණුසුම් සුබපැතුම් !!!

:       0       336

Sunil Milano Wednesday, 20 February 2019 10:50 AM

ජයවේවා..!!! ආයු බොහෝවේවා ශ්‍රී ලංකා මවුනි දරූ, තෙරුවන් සරණයි...

:       0       208

danny Wednesday, 20 February 2019 10:51 AM

ඇයි ඔය හිටපු රජතුමාගේ පුතෙකුත් චන්ද්‍රිකාවක් උඩු ගුවනට යැව්වා කියා කතාවක් තිබුණා නේද?

:       248       95

AthulaWednesday, 20 February 2019 02:14 PM

අරයෝදයා රට විකුණලා කෝටි 5000ක් විනාශකරලා එකක් යවලා එයා ළඟදී ගෙදරට වෙන එකක් ගෙනාවා... එ්කටත් අපි තමයි බරපැන දරන්නේ කොහොමවුණත්... ඔබලා දෙන්නම ජාතික වස්තුන්..

:       240       271

RaveendraWednesday, 20 February 2019 04:56 PM

අතුල මයා වෙත..., ඔබගේ අදහස් අපගේ මුවට සිනහවක් නැගුණත් ඔබ පවසා ඇත්තේ යථාර්තය බැවින් අප එය අගය කරන්නෙමු.

:       112       176

sirimal Wednesday, 20 February 2019 10:55 AM

සුබ පැතුම්..!!! ඉදිරියට තවත් දේ ඉටුකිරීමට ශක්තිය ලැබේවා...

:       0       110

Samathasena A . Aluthgamage. Wednesday, 20 February 2019 10:57 AM

මෙවන් අසාමාන්‍ය නිර්මාණ ශක්තියෙන් හෙබි විශිෂ්ට බුද්ධිමතුන් සැමදාමත් වාසනාවන්.මේ වැනි විද්වතුන් තව තව සෑම සියලු අංශයෙන්ම පහල වේවා.රට කන සමහර තක්කඩි මැර දේශපාලකයන්ගෙන් මේ රට බේරාගෙන ජනතාව සුඛිත මුදිත කිරීමට ඔවුන්හට සියලු දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා !!!

:       0       221

Buddika Wednesday, 20 February 2019 11:05 AM

අර අවුරුදු කීපයකට කලින් රෝහිත රාජපක්ෂ කියලා ලමයෙකුත් ඔය අභ්‍යවකාශයට ගියා නේද? එයා තාම එහේද?

:       233       364

RaveendraWednesday, 20 February 2019 12:07 PM

අවුල් වෙච්ච " ඕබිට්" එකක තාමත් කැරකෙනවා...

:       0       157

විස්වාජිත් Wednesday, 20 February 2019 11:26 AM

චිචි බේබි මේ සේරම කලින් කළා..

:       145       93

Ananda Seneviratne Wednesday, 20 February 2019 11:47 AM

සුබ පැතුම්..!!! ඉදිරියට තවත් දේ ඉටුකිරීමට ශක්තිය ලැබේවා...!!!

:       0       61

sandy123 Wednesday, 20 February 2019 01:40 PM

උණුසුම් සුභ පැතුම්!

:       0       18

chathuei Wednesday, 20 February 2019 01:56 PM

මේ වගේ දරුවෝ තමයි රටක් පාලනය කරන්න ඕන. දැන් ඉන්නේ නොදරුවෝ ටිකක්,

:       0       49

RaveendraWednesday, 20 February 2019 02:14 PM

chathuei මයා වෙත, ඔබ විසින් නොදරුවන්ටත් අපහාස කිරීම කර ඇතිබවක් නම් පැහැදිලිය. මේ ඉන්නේ නොදරුවන් නොවේ " ගවයන් " රෑනකි.

:       36       14

chathueiWednesday, 20 February 2019 03:47 PM

කවුද ගවයෝ...?

:       0       0

Nuwan Wednesday, 20 February 2019 02:05 PM

වේදිකාවල මයික් පාලන නායකයන් පමණක් සිටින රටක ඔබ වැනි දරුවන් ජාතික සම්පතකි.. උණුසුම් සුබපැතුම්!!!

:       0       12

jagath Wednesday, 20 February 2019 04:14 PM

මේවට අත දෙන්න එපා. රෑට හොරෙන් අගමැතිලා ඇමතිලා පත්කළාම හරි...

:       5       2

Sumith Wednesday, 20 February 2019 04:25 PM

225 යවන්න නම් එපා..

:       0       1

ගමගේ Wednesday, 20 February 2019 05:34 PM

මාත් ඉංජිනේරුවෙක් හැටියට ඔයාල කරපු දෙය ගැන ඉතාමත් ආඩම්බර වෙනවා. ඉංජිනේරුවෝ තමයි මේ ලෝකය බැලු බැලු හැම දිහාවේම දකින තාක්ෂණය, යන්ත්‍ර, උපකරණ ජනතාවට නිර්මාණය කරලා හදල තියෙන්නේ. මෙතන තවත් වැදගත්කමක් වන්නේ ඔයාල දෙදෙනා ලංකාවේ ඉංජිනේරු ආයතන දෙකක් සහභාගී කරගෙන මෙ චන්ද්‍රිකාව නිර්මාණය කර සදාපු එකයි.. ඉදිරියේදී සහයෝගය වැඩි කරගෙන 'solar' තාක්ෂනය සහිතව දීර්ග කාලීන චන්ද්‍රිකාවක් හදන්න.. සුභ පැතුම් ඔයාලට .. හරිම ආඩම්බරයි!!!

:       0       324

rocky Thursday, 21 February 2019 01:04 AM

ලෝකයේ විද්‍යා සහ තාක්ෂණික දියුණුව ගැන හිතා බලපුවාම මේවා හෝඩියේ පන්තියේ ළමයින්ගේ වැඩ! ළමයිනේ ඕවාට කාලය මිඩංගු කරන්නේ නැතුව මයියොක්ක ගස් දෙකතුනක් හිටවා ගත්ත නම් නරකද? අනිත් කාරණේ ඕකට තියපු නම! කොහෙන් ගත්තු එකක්ද?

:       125       0

sudath Thursday, 21 February 2019 02:06 AM

ඹබ වැනි දරුවන් රටට ජාතික සම්පතකි

:       0       0

Nandasiri Jayarathna Thursday, 21 February 2019 04:12 AM

පින්නවල විදු මවු බ්මෙන් බිහි වී , පේරාදෙණිය සරසවි බිමෙහි ඉංජිනේරු පීඨයෙහි බැබලෙන සිසු තරුවක් වූ තරිදු , ශ්‍රීලංකා දේශයම මුළු ලොවෙහිම , විශ්වහිම දිදුලන තරුවක් වේවා. ඉංජිනේරු පීඨය , විදුලි ඉංජිනේරු අංශය , පේරාදෙණිය.

:       0       1

vipula Thursday, 21 February 2019 04:14 AM

රටේ පාලකයන් ගෙන් මෙලෝ සහයක් නැතුව මේ දේ කල එකට රටේ ජනතාවගේ ප්‍රණාමය. නව නිපැයුම් ඉදිරිපත් කරන අය රැක ගැනීම , සහයෝගය දීම හා අලෙවිකරණයට ජනතාව එකතුවී යම් සංවිධානයක් සැකසිය යුතුයි. එසේ නිපදව භාණ්ඩ වලට සමාන භාණ්ඩ ආනයනය කිරීමට එරෙහි විය යුතුයි

:       0       0

sujeewa Thursday, 21 February 2019 04:40 AM

අපේ රටේ දේශපාලකයෝ ජනතාවට පෙන්නන්නේ චන්ද්‍රකාවක් හදන එක මහමෙරක් හදනවා වගේ මහා බරපතල වැඩක් විදියට. ඒ උනාට අපේ රටේ උගතුන්ට ඒවා සරල වැඩ බව මේකෙන් තේරෙනවා. මේ වැඩේ දේශපාලකයෝ කරන්න ගියානම් කෝටි ගානක් වියදම් කරලත් කෙරෙන්නේ නැහැ.

:       0       0

isurandi Thursday, 21 February 2019 04:59 AM

මුළු හදවතින්ම ඔබලාට මගෙන් සුබ පැතුම්.

:       0       0

Nuwan Thursday, 21 February 2019 05:03 AM

චි චී බේබිට නැනෝ සැට් එකක් යවල ඇග බේරගන්න තිබුණේ. ඒකට එහෙම දැනුමක්වත් තිබිල නෑ. කියුබ් සැට්, නැනෝ සැට් හෙවත් කුඩා ප්‍රමානයේ සහ කෙට්කාලීන චන්ද්‍රිකා ඉතා අඩු මුදලින් අභ්‍යාවකාශ ගත කරන්න පුලුවන් . මේ සිසුන් මේ තාක්ශණය ඉක්මනින් වැලදගැනීම ඉතා අගය කල යුතුයි . ලෝකයේ ඉස්සර ඉතා වියදම් අධික දේවල් අද ඉතා අඩු මුදලින් කරන්න පුලුවන් . ඕන වෙන්නෙ අලුත් අදහස් තමයි . අපේ ලමයි ගාව ඕන තරම් තියනවා.

:       0       0

කුමාර Thursday, 21 February 2019 05:22 AM

ඇස් වලට කදුලු ආවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 564 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 331 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 495 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site