IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


’රෝ ඔත්තු සේවා පුවතින් පසු මාධ්‍ය නිදහසට බලපෑම් කරන තත්ත්වයක්’


 
(බිඟුන් මේනක ගමගේ)
  
තමා ඝාතනය කිරීමට ඉන්දීය රෝ ඔත්තු සේවය කටයුතු කරන බවට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී පවසා ඇතැයි ‘ද හින්දු’ පුවත්පතේ කොළඹ වාර්තාකාරිනි මීරා සිරිනිවාසන් විසින් තම පුවත්පට වාර්තා කරනු ලැබීමෙන් පසුව විවිධ පාර්ශ්ව දක්වන ප්‍රතිචාර මාධ්‍ය නිදහසට බලපෑම් කරන තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
  
මෙම පුවත ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවද ද හින්දු පුවත්පත සිටින්නේ එය ඇමැතිවරුන් සිව් දෙනෙකුම තහවුරු කළ බවට වන මතයේ යැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
  
මේ අතර මහින්ද අමරවීර ඇමැතිවරයා ඇමැතිවරුන් සිව් දෙනෙකු ද හින්දු පුවත්පත් මාධ්‍යවේදිනිය හරහා රෝ සංවිධානය සමඟ සබඳතා පවත්වන බවට චෝදනා කර ඇතැයි ද මෙය මාධ්‍ය නිදහසට බලපෑම් කරන තත්ත්වයක් යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
  
මෙය විදෙස් මාධ්‍ය වෙනුවෙන් වාර්තාකරණයේ නියැලෙන වාර්තාකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ සංවේදී ප්‍රශ්නයක් යැයි ද මීරා සිරිනිවාසන් මාධ්‍යවේදිනියට මෙම තත්ත්වය හමුවේ මූලාශ්‍ර හෙලි නොකිරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි ද එහි වැඩිදුරටත් සඳහන් වේ.



අදහස් (1)

’රෝ ඔත්තු සේවා පුවතින් පසු මාධ්‍ය නිදහසට බලපෑම් කරන තත්ත්වයක්’

සතයපාල Tuesday, 23 October 2018 01:33 PM

පැන්තලියේ කිඹුල්ලු දකින්න හදන්න එපා. කවුරුවත් මුලාශ්‍ර හෙලි කරන්න බලපෑම් කර නැති අතර කැබිනට් ඇමතිවරු රෝ සංවිධානයට හෝ මාධ්‍යයට තොරතුරු දෙන්නේ නම් ඒක ආණ්ඩුව ඇතුලේ ප්‍රශ්නයක් මිසක මාධ්‍යයේ හෝ රෝ සංවිධානය පිළිබඳව ප්‍රශ්නයක් නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site