IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රෝහල් 15කට සූර්ය පැනල

(ඩයනා උදයංගනී)

රජයේ රෝහල්වලට විදුලි උත්පාදනය සඳහා සූර්ය පැනල ලබාදීමට රජය තීරණය කර ඇති අතර එහි පළමු අදියර ලෙස තෝරාගත් රෝහල් 15 කට සූර්ය පැනල ලබාදීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා සූර්යබල, සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාගයේ දැක්ම” ප්‍රතිපත්ති මාලාවට අනුව 2030 වන විට පුනර්ජනනීය බල ශක්ති භාවිතය සියයට 70ක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂිත අතර ඒ වෙනුවෙන් ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් දැනටමත් ආරම්භ කර ඇතැයි මෙහිදී සඳහන් විය.

සෞඛය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ රෝහල්වලට පුනර්ජනනීය බලශක්තිය හඳුන්වාදීමේ සංකල්පය ඉතා වැදගත් බවයි.

රාජ්‍ය ආයතනයන්හි වහලවල්වල සූර්ය පැනල සවි කිරීම මඟින් පුනර්ජනනීය බල ශක්තිය උත්පාදනය කරන අතරම රටට වාසිදායක ලෙස කටයුතු කිරීමට ද හැකිවන බව ද ඇය පැවසුවාය.

ගරු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙහිදී සඳහන් කළේ රජයේ රෝහල්වල වහල මත සූර්ය පැනල සවි කිරීමෙන් අනතුරුව එහි අතිරික්ත බලශක්තිය මිල දී ගැනීමට විදුලිබල අමාත්‍යාංශය කටයුතු කරන බවත්, එයින් රෝහලට සිය මාසික විදුලි බිල අඩු කර ගන්නා අතර යම් ආදායමක් ලබා ගැනීමටත් හැකිවන බවය.

 



අදහස් (2)

රෝහල් 15කට සූර්ය පැනල

Sri Lanka Thursday, 29 July 2021 05:00 PM

ජනාධාපතිතුමාට ගොඩක් පින් මේ වැඩේට... ඔය ක්‍රමය සාමාන්‍ය ජනතාවට දෙන්න. අපි නිකන් පායන හිරුගෙන් වැඩක් ගමු පරක්කු වෙලා හරි... ජයවේවා..!!!

:       1       6

Jayashantha Thursday, 29 July 2021 06:38 PM

මම අහලා තියන විදියට වියදම් වැඩි වැඩක්... !!!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site