(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය 43 හැවිරිදි කොරෝනා ආසාදිත ක්ෂය රෝගියා මරදාන මොහිදීන් මස්ජිඩ් පාරේ නිවසක සිටියදී සොයා ගැනීමට හැකි වූ බව මහබාගේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. කහඳවල මහතා පැවසීය.
මරදාන ප්‍රදේශයේ ලිපින තුනක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයා සිටින ස්ථානය සොයා ගත් බවත් සෞඛ්‍ය ආරක්ෂිත ව පොලිස් භාරයට ගත් එම පුද්ගලයා නැවත ළය රෝහල කරා යොමු කළ බවත් කහඳවල මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජාතියම රටට වසංගතයක් වෙලා.