IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් නේවාසිකාගාරවල තැබීම අනාරක්ෂිතයි

මාතර පිහිටි රුහුණ විශ්ව විද්‍යාලයේ සිසුන් 20ක් පමණ කොවිඩ් ආසාදිතයින් ලෙස තහවුරු වී තිබියදී විශ්ව විද්‍යාල පරිපාලනය එහි සිසුන්ට නිවෙස් කරා යාම තහනම් කර නේවාසිකාගාර තුළම රඳවා තැබීම නිසා අනාරක්ෂිත තත්වයක් උද්ගත වෙමින් ඇතැයි මාතර හිටපු නගරාධිපති සහ මාතර එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක උපුල් නිශාන්ත සුභාවික්‍රම මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියකින් දැනුම් දී තිබේ.

මෙම සිසුන් නොපමාව වෛද්‍ය පරීක්ෂණයට ලක්කර කොවිඩ් ආසාදනය වූවන්, ආශ්‍රිතයන් හඳුනාගෙන රජයේ පිළිගත් ක්‍රමවේදයන්ට අනුව නිරෝධායනය කරන්නැයි හිටපු නගරාධිපතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

නේවාසිකාගාරවලින් එලියට යාම තහනම් කර ඇති මෙම සිසුන්ට, පාලිකාවන් විසින් සකසන කොත්තමල්ලි දිනපතා ලැබෙන අතර නිසි ආහාර වේලක් නොලබෙන බව ද හිටපු නගරාධිපතිවරයා සිය ලිපියේ සඳහන් කර ඇත.

සම්පූර්ණ කොරෝනා ආරක්ෂිත ඇඳුම් කට්ටලයකින් සැරසුන උප කුලපතිවරයා සිසුන් පරීක්ෂාවට පැමිණෙන බවත් ඇතුලත තොරතුරු කිසිවක් එළියට ප්‍රකාශ කිරීම, සමාජ මාධ්‍යවල ප්‍රකාශ දැමීම කළහොත් උපාධිය පවා අහිමි වියහැකි වැරදි බවට නොනිල තර්ජනයන් සිදුකරන බවත් එම සිසුන් හා දෙමාපියන් තමාට දන්වා ඇතැයිද ඔහු සඳහන් කර තිබේ.

මෙම නේවාසිකාගාර ප්‍රදේශ වෙත සාමාන්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ද ඇතුල්වීම තහනම් කර ඇති බවද එම ලිපියේ දැක්වේ.

මේ පිළිබඳව උපකුලපතිවරයාගෙන් විමසීමේ දී පැමිණි සරසවි සිසුන් නැවත නිවෙස්කරා නොයැවූයේ එම මාපියන්ගේ ආරක්ෂාවට මෙන්ම ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පහසුව පිණිස බව පැවසූයේ යැයිද උපුල් නිශාන්ත මහතා සඳහන් කර ඇත.

සරසවි නේවාසිකාගාර තුළ සිටින සම්පූර්ණ සිසුන් ගණන ප්‍රකාශ කිරීම උපකුලපතිවරයා මගහැරි නමුත් 500 ක් පමණ එහි සිටි බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන නමුත් ඊට වඩා වැඩි පිරිසක් සිටින බවත් එහි දැක්වේ.

මෙම සිසුන් සියලු දෙනාට පී.සී.ආර් පරීක්ෂණ කිරීමේ හැකියාවක් මේ මොහොතේ නොමැති බවත්, අනවශ්‍ය ලෙස සියලූ සිසුන් මෙසේ රඳවා තබාගැනීම අනුමත නොකරන බවත් මාතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන බවද එම ලිපියේ සඳහන්ය.

සුදුසු මධ්‍යස්ථානයක් හෝ සරසවි නේවාසිකාගාරයක් වෙන්කර සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනය නොකර තරුණ සිසුන් පිරිසක් ‘සිරකර තැබීම’ කණගාටුදායක බවද ඔහු පවසයි.

මෙම ලිපියේ පිටපත් අග්‍රාමාත්‍යවරයාට, සෞඛ්‍ය අමාත්‍යවරියට, උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට ඇතුළු බලධාරීන්ටද යොමු කර ඇත.

 



අදහස් (1)

රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් නේවාසිකාගාරවල තැබීම අනාරක්ෂිතයි

මුණසිංහ Sunday, 09 May 2021 02:07 AM

පවත්නා තත්ත්වය යටතේ ගත් ක්‍රියාමාර්ගය නිවැරදි බව පේනවා. මෙම නේවාසිකාගාර ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කර වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර දීම කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site