IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රේස් පැද්ද යතුරුපැදිකරුට 90,000 ක් දඩ

(ටෝනි කරුණානායක)

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ ධාවනතරගයක් පැවැත්වු යතුරු පැදිකරුවෙක්ටචෝදනා 04 කට අදාළව රුපියල් 90,000 ක දඩයක් ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර් .එස්.එම්.මහේන්ද්‍ර රාජා මහතා අද (14) නියම කලේය.

මුල් ආකෘතිය වෙනස් කිරිම, අංක තහඩු නොමැතිව සහ වලංගු රියදුරුබලපත්‍රයක් නොමැතිව අපරික්ෂාකාරි ලෙස යතුරු පැදියක් ධාවනය කිරිම යන චෝදනා සම්බන්ධයෙන් වරද පිලිගත් කඩවත ,රම්මුතුගල ප්‍රදේශයේ පදිංචි සදීස දුල්සාන් රාජපක්ෂ නැමති යතුරු පැදිකරුට මෙසේ දඩ නියම කෙරුණි .

කඩවත අධිවේගී පිවිසුම් මාර්ග යේ සිට යක්කල කන්දකපාපු හංදිය දක්වා ත්‍රිවීලර් සහ යතුරු පැදි මුදලට රේස් පැදීම රාත්‍රි 12ත් අලුයම් කාලයත් අතර දී සිදු කරන බව පැමිල්ල මෙහෙයවමින් යක්කල පොලිසියේ සැරයන් කුමාර වීරසිංහ (27316) මහතා අධිකරණය හමුවේ පැවසීය.

රේස් පදින යතුරු පැදිය හෝ ත්‍රිවීලර් රථයට ආරක්ෂාව සපයන වාහන නිසා කොළඹ - නුවර ප්‍රධාන මාර්ග යේ විශාල වසයෙන් වාහන තදබදයක් ඇති වන බව පැවසීය.

එම රියදුරන්ව පොලිසියට ගෙන්වා කොතෙක් අවවාද කලද ඔවුන් ගේ එම ක්‍රියාවන් නොනවත්වා සිදු කරන බව ට වැඩ්දුරටත් සදහන් කලේය.

දෙදෙනෙකු ට ගමන් කල හැකි ලෙස සීට් එක නිෂ්පාදනය කර ඇති මෙම යතුරු පැදියේ සීට් එක එක් අයෙකුට පමණක් ගමන් කල හැකි ලෙස සකසා ඇති බවත් නියමිත හැඩලය ගලවා උස් හැඩලයක් සවිකිරීම ඇතුළු රේස් පැදීමට පහසු වන ආකාරයට යතුරු පැදිය සකසා ඇති බවත් හෙතෙම පැවසීය.

මෙම රියදුරන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් මාරක රිය අනතුරු
බෙහෙවින් සිදුවන හෙයින් දැඩි දඩුවම් පමුණුවන ලෙස සැරයන්වරයා අධිකර ණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව සැක කාර යතුරු පැදිකරුට තරයේ අවවාද කල අධිකරණය රුපියල් 90,000 ක දඩයක් නියම කල අතර යතුරු පැදියේ හිමිකරු ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කලේය.

 



අදහස් (5)

රේස් පැද්ද යතුරුපැදිකරුට 90,000 ක් දඩ

Ruhunu Monday, 14 December 2020 01:22 PM

ඔය වගේම රෙස් යන පුද්ගලික බස් රියදුරන්ටත් දැඩි දඩුවම් දිය යුතුයි.

:       0       2

මුණසිංහ Monday, 14 December 2020 03:32 PM

දඬුවම හොඳටම මදි. අයිතිකරුටත් මතක හිටින්න දැඩි දඬුවම් දෙන්න. ලංකාවේ මාර්ග අනතුරුවලට එක් හේතුවක් තමා පොලිසිය නිද්‍රාශීලි වීම...

:       0       19

ranga Monday, 14 December 2020 03:43 PM

අනේ අපේ පැත්තටත් එන්නකෝ, අපේ එවුන්ට ලක්ෂ 2ක් ගහන්න ඕනේ

:       0       1

Bamunuarachchi Monday, 14 December 2020 05:01 PM

නියමයි! බයිසිකල් රාජ සන්තක කරන්න

:       0       19

Randika Tuesday, 15 December 2020 05:03 AM

දඩුවම ප්‍රමාණ්වත් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site