
(රංජිත් රාජපක්ෂ )
උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල සහ හැටන් අතර පිහිටි රක්ෂිතයක හටගත් ගින්නකින් අක්කර 25ක් පමණ අද (23) අලුයම වන විට ගිනිගෙන විනාශ වි ඇත.
එම දුම්රිය මාර්ගයට ඉහලින් පිහිටි ස්ටැඩන් වත්තට අයත් සිත්තරවත්ත කොටසේ වනවගා රක්ෂිතයක මෙම ගින්න හටගෙන තිබුණි.
වනවගා සහ ඉලුක් සහිත එම රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ඊයේ (22) දින රාත්‍රියේ ගිනි තබන්නට ඇති බව ප්‍රදේශවාසීහු කියති.
සතුන් දඩයම් කිරිමේ අරමුණ ඇතිව කිසියම් පිරිසක් විසින් තැබු ගින්න සිඝ්‍රයෙන් එම රක්ෂිතයට ඉහලින් වු රුවන්පුර ජනපදය දක්වා පැතිර ගිය බවද ඔවුහු කියති.
ගින්න මේ වන විට පහව ගොස් ඇති අතර , ගින්න හේතුවෙන් විශාල පරිසර හානියක් සිදු වි ඇති අතර , එම රක්ෂිතයේ තිබු ජල මුලාශද සිදි ගොස් ඇති බවද ප්‍රදේශවාසිහු කියති.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.