(අංජුල මහික වීරරත්න)

යුක්ක්‍රේනය සහ රුසියාව අතර හටගෙන තිබෙන යුද්ධයට වඩා ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික යුද්ධය බරපතල එකක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

ලෝකයේ රටවල් ගැන හෝ වෙනත් අර්බූද ගැන හෝ කතා කරමින් නිදහසට කරුණු කීම කිසිසේත් පලක් නැතැයි ද අද අප කල්පනා කළ යුත්තේ පීඩාවට පත්ව සිටින ලාංකික ජනතාව ඒ තත්ත්වයෙන් මුදා ගන්නේ කෙසේද යන කාරණය යැයිද අබෙිවර්ධන මහතා පැවසීය.

රට පත්ව තිබෙන තත්ත්වය හමුවේ කළ යුතුව තිබෙන්නේ එකිනෙකාට ඇඟිලි දිගු කර ගැනීමෙන් හෝ අරයා හොඳට කළා, මෙයා හරියට කරන්නේ නැහැ යනුවෙන් කියමින් බලා සිටීම නොව රටේ ජනතාව ජීවත් කරවීම කෙරෙහි ප්‍රධාන දේශපාලන පක්ෂ අවධානය යොමු කිරීම බවද පැවසීය.