IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රුසියාව වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත් කරයි

මාර්තු 28 සිට අප්‍රේල් 5 දක්වා සතියක කාලයේදී නිවසට වී සිටින්නැයි ද එම සතිය වැඩ නොකරන සතියක් ලෙස ප්‍රකාශයට පත් කරන්නේ යැයි ද රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවැසීය.
 
එම පියවර අනුව යමින් සෙනසුරාදා (28) සිට කඩ සාප්පු, අවන්හල්, උද්‍යානය ඇතුළු අත්‍යවශ්‍ය නොවන සේවා සියල්ල සතියක කාලයකට නවතා දමන බව මොස්කව් නගරාධිපති සර්ගේ සොබියාන්න කීය.
 
වයස අවුරුදු 65 වැඩි සියලු දෙනා අද (26) සිට නිවසේ රැඳී සිටිය යුතු යැයි ද මොස්කව් නගරාධිපතිවරයා නිවේදනය කළේය.
 
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය රට ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් රුසියාව මේ වනවිට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති දැඩි නියෝග ද නිකුත් කර ඇත.
 
මොස්කව් නගරාධිපතිවරයාගේ මෙන්ම රුසියානු රජය නිකුත් කළ නියෝගවලට අනුව ආපනශාලාවලට ආහාර ඇණවුම් බාරගෙන ඒවා බෙදාහැරීමට අවසර ලබා දී ඇත.
 
අත්‍යවශ්‍ය නොවන බඩු භාණ්ඩ අලෙවි කරන කඩ සාප්පු සියල්ලම වසා දමන්නැයි ද මොස්කව් නගරාධිපතිවරයා නියෝග කර ඇත.
 
කොරෝනා වයිරසය හේතුවෙන් මොස්කව් අගනුවරින් මරණ දෙකක් වාර්තා වූ අතර රුසියාවේ නිල සංඛ්‍යා දත්තවලට අනුව එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 840කි.
 
.එෆ්.පී
 
055



අදහස් (1)

රුසියාව වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත් කරයි

Bamunuarachchi Friday, 27 March 2020 08:25 AM

ලංකාවට එහෙම අමුතුවෙන් ප්‍රකාශයට පත් කොරන්න දෙයක් නැහැ. අපිට ප්‍රකාශ කරන්න තිබෙන්නේ වැඩකරන සතියක් කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 26 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 826 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site