IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


රුසියාවේ-චීනයේ එන්නත් එපායි හෙද නිලධාරීහු කියති

(දයාසීලී ලියනගේ)

රුසියාව හා චීනය නිෂ්පාදනය කරනු ලබන කොරෝනා එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැති නිසා, එම එන්නත ලබානොගන්නා ලෙස රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

චීනයේ නිෂ්පාදනය කරනු ලබන සිනොවැක්-කොරෝනාවැක් එන්නත හා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත ගෙන්වීමට රජය සාකච්ඡා කරමින් සිටින බව එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

දැනට ලබාදෙන ඇස්ට්‍රා සෙනෙකා එන්නතට අමතරව චීනයේ හා රුසියාවේ නිපදවන එන්නත් ගෙන්වා ගැනීමට ද රජය සාකච්ඡා කර ඇත.



අදහස් (7)

රුසියාවේ-චීනයේ එන්නත් එපායි හෙද නිලධාරීහු කියති

Kumar (Gulf) Friday, 26 February 2021 08:20 AM

ඉතා ආරක්ෂිත චීන එන්නත තමයි. අපි මාත්‍රා දෙකම ලබාගත්තා. කිසිම අපහසුතාවයක් නෑ.

:       1       0

Raveendra Friday, 26 February 2021 08:26 AM

අප වෛද්‍ය විද්‍යාවේ නොදරුවන්ය. එබැවින් අපට අර එන්නත හොඳයි.. මේ එන්නත නරකයි කීමට නොහැකිය. අප රටේ හෙද හෙදියන් යනු වෛද්‍යවරුන් මෙන්ම සියල්ලම දන්නෝය. විශේෂයෙන් වෘත්තීය සමිති නායකයින් එම විෂය පිළිබඳව මහෞෂධයින්ය. නයිටින්ගේල් නෝනාටද හෙද සේවය පිළිබඳව කියාදීමට රත්නප්‍රිය වැන්නන් අති දක්ෂයෝයි. අරාජිතයාටද උපදෙස් දෙන්නේ මේ සමන්ය. එබැවින් රජය වහාම රුසියානු හා චීන එන්නත් බෙහෙත් ගෙන්වීම නතර කළ යුතුමයි...

:       1       0

Puppa Friday, 26 February 2021 11:07 AM

මොනවද මේ බොරු කතා? ස්පුට්නික් එන්නත ජර්මනියේත් පිළිගත්තා... ඒ මිනිස්සුන්ට විදින්න..

:       0       0

pakeer Friday, 26 February 2021 02:21 PM

WHO එක චීනෙට සහ රුසියාවට එන්නත පාස් කරන්නේ නැත්තේ, ඒවා ඇමෙරිකාව සහ එංගලන්තයේ ප්‍රමුඛ බටහිර රටවලට විරුද්ධ නිසා මිසක් බෙහෙතේ හොඳ නැතිකම නිසා නොවේ. අනෙක අපි මොනවද ඔය බෙහෙත ගැන දන්නේ? කවුරු හරි දෙනවා. අපි ගහනවා.

:       2       3

Rata Perata Saturday, 27 February 2021 08:40 AM

ඔන්න ඕවා කියලා නන්දසේනට කේන්ති යයි. චීනයේ ලොකු සර් මේ වෙලාවේ අප්සට් කරන්න එපා..පොඩි සර් ඩොලර් බිලියන 2.2 ක ණයක් ඉල්ලලා තියෙන්නේ.

:       4       3

සමන්ත Sunday, 28 February 2021 03:57 AM

අපි ඉන්නේ සීෂෙල්ස් වල.... මේ රටේ මිනිස්සුන්ට අහිතකර හෝ ජීවත් වීමට බධාවක් වන කිසිවෙක් නැත. කපුටෙක් වුවද නැත. ඒ ඔවුන් විනාශකාරී සතුන් නිසා තුරන්කර ඇත. වැඩි විස්තර කියන්න අවශ්‍ය නැත. මේ රටේ අපටද ලබා දුන්නේ චීන එන්නතයි. එම එන්නත අනෙක් එන්නත් වලට වඩා හොඳ බව නම් පේනවා. මොකද චීනයේ කොරෝනා පැතිරෙන විදිහ බැලුවාම...?

:       2       3

Suranga Monday, 01 March 2021 08:40 AM

ලංකාවේ අපේ අය එක කකුලක් ඇමෙරිකාවේ.. අනික් එක චීනයේ ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 185 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1136 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site