
(කැලුම් බණ්ඩාර)
රසායනික පොහොර භාවිතය තහනම් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය වැරදි උපදෙස් මත සිදුවූවක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ රජය හෝ විෂය භාර අමාත්‍යවරයා වගකිව යුතු නැති බවත්, ඉහළ දේශපාලනාධිකාරීන්ට උපදෙස් ලබාදීමේදී එය නිවැරදි ආකාරයට කළ යුතුව ඇති බවත් ලේකම්වරයා සදහන් කළේය.
ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමට තමාද දායක වූ බව කී ලේකම්වරයා, ඔවුනට අවශ්‍ය වූයේ විෂ කෘෂි රසායනික පොහොර භාවිත කරන සංස්කෘතියක සිට විෂ රහිත ගුණත්වයෙන් ඉතා ඉහළ පැළෑටි පෝෂක භාවිතය හදුන්වාදීම බවද කීවේය.
එම නිසා, කෘෂිරසායනික භාවිත කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනවා වෙනුවට ඉහළ ගුණත්වයෙන් යුතු පරිසර හිතකාමී පැළෑටි පෝෂක ආනයනයට අවසර දිය යුතු යැයි ද ඔහු සදහන් කළේය.
එම ගැසට් නිවේදනය එලෙස නිකුත් කර තිබුණේ නම් අද රටේ තත්වය වඩාත් යහපත් එකක් වනු ඇති බවද ඔහු සදහන් කළේය.
වත්මන් තත්වය පිළිබදව ජනාධිපතිවරයා අමාත්‍යවරුන් පර්යේෂකයන් සහ පරිපාලකයන් සාක-ච්ඡා කළ බවත් වර්තමාන ගැටලුව විසදිය යුතු බවට ද එහිදී සාකච්ඡා වූ බවත් හෙතෙම කීවේය.
අනව්‍යශ විෂ සහිත පොහොර වෙනුවට ඉහළ ප්‍රමිතියකින් යුතු ජෛව පොහොර භාවිත කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
ඒ කියන්නේ කිසිම වගකීමක් නැතුව ඔහේ වැරදි නිවැරදි නොබලා තීරණ ගන්නවා කියන එක නේද? ඔය වැරදි තීරණ වලින් වෙච්ච පාඩුවට කව්ද වග කියන්නේ. ඔහෙලගෙ කයිවාරුව විතරයි අද වෙනකම් ගත්ත එක නිවැරදි තීරණයක් කියන්න බලන්න.
වැරදි උපදෙස් දුන්න කේවට්ටයො පත් කරගත් කවුද.?
උදිත් පැවසුවේ "සව්බේජ් ඩෙක්මා" ප්‍රතිපත්ති ලේඛනයට තමා සම්බන්ධ වූ බවත් මෙම නොගැලපීම සඳහා ඔහු වගකිව යුතු බවත් ය. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධියට කාබනික හෝ අකාබනික වගාව තීරණය කළ හැකිය. රජයට කාබනික වගාව ප්‍රවර්‍ධනය කිරීමට අවශ්‍ය නම් විශේෂ දිරි දීමනා යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන්න. කාබනික නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ගෙවීමට ද පාරිභෝගිකයින්ට හැකියාව ඇත. ගොවීන්ට මෙම බලහත්කාරයෙන් කාබනික වගාව ප්‍රජාතන්ත්‍රවාදී නොවේ.
කවුද එතකොට සර්ව ෆේල් කෙරුවේ ?
උපදෙස්දීමට අතිපණ්ඩිතයින් සිටිනබව දැන්වත් තේරුම් ගතයුතුයි.
මේ මහත්මය කතාකරන්නෙ තමන්ගෙ සාමාන්‍යය මුකයෙන් යයි විශ්වාස කරමි, එහෙත් මනුෂ්‍ය ජීවිතයක් සහ බුදුදහමේ අභාසය ලද පුද්ගලයෙක් මෙතරම් සාහසික මුසාවාද නොකිව යුතුය, මන්ද මේ සංසාරය මෙතනින් අවසන් නොවන නිසා. අමාත්‍යංශ කොතරම් දේශපාලනිකද යන්න පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශය හැදීමට සම්බන්ද පුද්ගලයෙක් ලේකම් වීමෙන් පැහැදිලිය.
මේ ලේකම් තුමා කැකිල්ලේ රජුට නෑකම් කියන කෙනෙක් බව සහ චේතිය රජුගේ මුණුබුරාගේ පුත්‍රයෙක් බව පැහැදිලියි, වගකිව යුත්තේ උද්ගෝෂණ කරන ගොවි ජනතාවයි. අපි එකෙන්ම ඔබතුමා සමග එකඟයි.
කෘෂි ලේකම් ඉහල කෘෂි දැනුම ක් ඇති අයකු ලෙස අපි හිතනවා. මෙතන බරපතල වැරැදි සිදුව ඇති බව පේනවා. කාබනික පෙහොර කියපු එක වැරදි. එය ස්වාභාවික පොහොර සහ කෘත්‍රිම පොහොර ලෙස විය යුතුය. කාබනික කෘෂි කර්මාන්තය කියන යෙදුම හරි. එමෙන්ම පරිසරයට වඩාත් හිතකාමී පොහොර යෙදීම ලෙස වෙනස් විය යුතුය. මේවැනි වැරදි නිවැරදි කරල දැන්වත් හරි මගට යාම කල යුතුය.
හඳ පෙන්නනකොට ඇඟිල්ල දිහා බලන දේශපාලකයා කියන ඕනෑම බේගලයක් හරි කියන එහෙයි සර් කියන රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනය මේ රට ගෙනල්ල තියෙන තැන අද හරිම පැහැදිලියි, දැන් මිනිස්සුන්ට මේවට හිනාවෙන්න පණ නැහැ,
අන්තිමට වැරදිකරුව වෙලා මැරුම් කෑවේ අලියගෙ කකුල් වලට රිදෙන්නෙ නැති හොඳ ඇඟපතක් තියෙන මිනිහ. මේ කැකිල්ලේ ලේකම්ට අනුව වැරදිකාරයා ගොවි උද්ගෝෂණ ටීවී එකේ පෙන්නන මාද්‍ය මම හිතන්නෙ.
බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ
අපි හිතුවෙ විදේශ විනිමය නැති නිසා, රසායනික පොහොර ගෙන්නන එක නවත්තල දැම්මා කියලා.
ඕවා ඉතින් වේලාවෙන් වෙලාවට අවශ්‍ය පරිදි හරි, වැරදි වැරදි හරි කරන්න පුළුවන්නේ නේද.?
ලජ්ජා නැති වියත්තු කරපු ලොකුම හානිය තමන්ගේ ලාභ ප්‍රයෝජන සඳහා ඕනෙම දෙයක් කීමටත් සහ කිරීමටත් සැදී පැහැදී සිටීමේ හැකියාව මේ ප්‍රකාශයෙන්ම පේනවා. මොවුන් කල ලොකුම විනාශය තමා මහජනතාව අතර කිසියම් ගරුත්වයක් වෘතිකයන් සහ විශ්ව විද්‍යාල ඇදුරන්ට තිබ්බ නම් එක නැත්තටම නැති කීරිමයි.
ඔයාල මේක ඇති වෙනකල් සාකච්චා කලානේ, රසායනික පොහොර ගෙන්වන්නේ නැති නම්, කාබනික පොහොර දෙන වැඩපිළිවෙලක් පොහොර නවත්තපු දිනයේ සිට පටන්ගන්න තිබුන. ඒ දවස් වල කීවේ ,මහා කන්නේට කිසිම අඩුවක් නැතිව කාබනික පොහොර දෙනවා කියල. දැන් ප්‍රශ්නේ ,මිනිස්සුන්ට රසායනික පොහොර ත් නැහැ කාබනික පොහොරත් නැහැ. ඒවාට වගකියන්න ඕනේ ඇමති ඔබතුමා සහ ජනාධිපති.
ඒකත් රිවස් ගහන්නද යන්නේ
ඔයා නොකියා කියන්නේ ජනාධිපතිට තමුන්ගේ ධුරයේ වගකීම් ඉටු කරන්ඩ කුසලතාවන් නැති බවයි. උපදේශකයන් නන් රට පාලනය කරන තීන්දු දෙන්නේ ඒ අයව ධුරයට පත් කරානන් හරිනේ. තමුන්ට තියන දත්ත නිවැරදිව සමාලෝචනය කරලා කාලෝචිත තීන්දුවක් ගන්න එක තමා ජනපති කෙනෙක්ගේ වගකීම. ඒක වැරදුනාම අහවලා හරියට කිව්වේ නෑ ඒකයි වැරදුනේ වගේ කතා කියන්නේ නැහැ වගකීමක් ගන්න කෙනෙක්. එහෙම අනිත් අයට බෝලේ පාස් කර කර ඉන්ඩ නන්, 2/3 ක බලයක් ඕන ඇයි?
ප්‍රායෝගික අත්දැකීම් බහුල ගොවීන් මෝඩයි සිතා සිටින ආචාර්ය මහාචාර්ය වරු සීතල කාමර වල සිටිමින් උගතුන් බුද්ධිමතුන් යැයි සිතා සිටින අය දේශපාලන අධිකාරියට ප්‍රායෝගික අත්දැකීම් නොමැතිව දුන් උපදෙස් නිසා මේ තත්වයක් උදාවී ඇති බව පෙනේ. රටේ අනාගතය වෙනුවෙන් සකසන මහින්ද චින්තන හෝ සෞභාග්‍ය දැක්ම වගේ වැඩ සටහන් ජනතා අදහස් මත සසකසා ගත්තා නම් මෙහෙම නොවෙන්න තිබුනා.
උද්දච්ඡ කමයි නූගත් කමයි කලු කෝට් බෑයකින් හෝ ඇමරිකන් පුරවැසිකමකින් වැසිය නොහැක. ඊටත් වඩා වියතුන් කියා ගන්නා එහෙයියන් කේවට්ටයින් වූවිට ලැබෙන ප්‍රතිවිපාක හැටනම ලක්ෂයකට පමණක් නොව රටේ උපන් නූපන් පරපුරම භුක්ති විඳමින් සිටී. මෙතෙක් හරියට කරා කියමින් උදම් අනන කොවිඩ් පාලනය වුවත් නිවැරදි වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම අනුගමනය කලේ නම් ආසාදිතයින් හා මරණ ගනන අඩුකොට රටට වූ ආර්ථික හා සාමාජයික හානිය අවම කරගත හැකිව තිබුණි.
විෂ පොහොර අනුමැතිය දීමට ටයි කෝට් අඳින බොහොමයක් මහත්වරුන් කෝටි ගණන් කොමිස් මුදල ලබාගත්තා හැම ආණ්ඩුවකම.
හතරබීරි කතාවක් කියන්නේ මොකක්ද.? කියලා පොඩි ළමයෙක් ඇහුවොත් ලේකම්තුමාගේ මේ ප්‍රකාශය පෙන්වන්න.
කෘෂිකරුමේ බාර කරලා පඹයෙක්ට....... ආර්ථිකේ දෙමු කලු කඩ වෙළෙදුන්ට...... කුකුළන් බාර දී සුදු පිරුවට නරියන්‍ට.... කරපු පවට නොහඩන් පෙර පුරුද්දට......
ජයසිංහ මහත්තයාත් ජයසුමන මහත්තයා වගේම රෙදි නැතිව කඩේ ගොස් ඇඟේම ගොම ගාගන්නවා. එතකොට වැරදි උපදෙස් පිළිගෙන ඒවා පිළිපදින කොට හෝ එහි ඇති වරද දකින්නට දේශපාලකයන්ට බුද්ධියක් තිබුණෙම නැහැ නේද ? ජනතා විරෝධය ආවේ නැතිනම්, තාමත් ඒ වැරදි උපදෙස් අනුව යමින් නේද කටයුතු කරන්නේ.. ඒ වගේම මේ නුසුදුසු උපදෙස් දෙන්නන් පත්කරගැනීම ගැන නිසි අවබෝධයක් නොතිබුනේ එම දේශපාලකයන්ටම නොවේද ? මේ කඩේ යන උගතුන් වාසි බලාගෙන කියනා මේ දේවල් පිළිගන්නට තරම් ජනතාව පල් මෝඩයන් නොවන බව ඔවුන් දැනගත යුතුය. උපදේශකයන් ලෙස නුසුදුස්සන් පත්කරගත් දේශපාලනඥයන්ම මේ දේවල් වලට වගකිව යුතුය.
දැන් ඔබතුමන්ලා කියන හැම දේම අපි අහල විශ්වාස කරන්න ඕනෙද.මොනාද මේ උගත් කියන අය කරන විගඩන්. ගොවියෝ මොන තරන් අසරණ වෙලාද මේ වෙලාවේ ඉන්නේ. ඔබ තුමන්ලාට මේ දුක තේරෙන්නේ නැහැ. ඔය සීත කාමර වලින් එලියට ඇවිත් ඇත්ත බලන්න.
මේ අමාත්‍යංශයේ හිටිය ලේකම්තුමා පරිපාලන සේවයේ දක්ෂ නිලධාරියෙක්. එතුමා මේ කාබනික පොහොර අවධානම පෙන්නා දුන්නා
ඔන්න ලංකාවෙ මහාචාර්‍යවරුන්නෙ පැටිකිරිය !
මේ ජනාධිපති සහ ආණ්ඩුව නිකුත් කල ගැසට් පත්‍ර සේරම පුස් වෙඩිල්ලක්. එතකොට සර් ෆයිල් කියන එක ඇත්ත.
නන්දසේන කියන්නේ පුස් වෙඩිල්ලක්
මුන් ඔක්කොම හරක්
දඹදිව් තලේ සිට වැඩම කළ මිහිදු මහ හිමියන්ට තිස්ස තිස්ස කියල අමතන්න තරම් දේවානම්පියතිස්ස රජුව අඳුනන්න පුලුවන් වුනා නම් අඹ ගහ අඳුනන්න බැරි වුනේ ඇයි සර් කියලා ශිශ්‍යෙයෙක් ඇහුවලු කියන කතාව මතක් වෙනව.
මීට වඩා හොඳයි සිරිසේන රටටම විහිලු සපයනවා නන්දසේන .එහෙනම් ඒකත් රිවස් කරමු
ලංකාවේ ඇති පණ්ඩිතයෝ ඕනෙවට වඩා වැඩයි .ඇයි අර ලංකාවේම කීමක් තියෙන්නේ පණ්ඩිතයාට ඒ දන්ඩේවත් යන්න බෑ කියලා .
දැන්වත් ජනාධිපතිතුමා තේරුම් ගන්න ඕන ඔබ වටා ඉන්නෙ කොයි වගේ පිරිසක්ද කියන එක...ඒ වගේම තමා, හැමෝටම වඩා මම දන්නවය කියන පුහු මානසිකත්වයෙන් ඔබතුමා දැන්වත් ඉවත් වෙන්න කටයුතු කර, යම් ක්ෂේත්‍රයක අවංක ...දක්ෂ... අවබෝධයක් ඇති නිළධාරින් තමා වෙතට ලංකර ඔවුන් සමග අදහස් හුවමාරු කොට ගනිමින් තීරණයන්ට එලැබීමමට ඔබතුමා දැන්වත් කටයුතු කරන්න ඕන...මොනව කිව්වත් ඔබතුමාගෙත් විශාල අඩුපාඩු තියෙන බව අපට හැගී යනව....මොකද මෙච්චරටම නොතේරෙන්න ඔබතුමා පුංචි බබෙකුත් නෙමේනෙ....
මේ හදන්නේ අර බලෙන් ලංකාවට එන චීනාගේ විස අසුවී පොහොර ටික රට ඇතුලට ගන්න
මේ හදන්නේ ගොවියන්ගේ මාරාන්තික විරෝධය දියාරු කරන්න කව්රු හරි පිට වැරැද්ද පටවන එක
ජනාධිපති තනතුරට ඉල්ලුවෙත් වැරදි උපදෙසයකින් වෙන්න බැරිද?
ඔය මහාචාර්යවරු ඔහොම්ම තමයි .යුනිවර්සිටි වලට වෙලා පොත් පෙරලා පෙරලා හිටියට කිසිම ප්‍රයෝගික දැනුමක් නෑ
මෙතුමා කියන්නේ ගැසට්ටුව වැරදියි කියා. මේක ජනාධිපතිගේ ජාමේ බේරීමේ වියත් මග කට්ටියේ අයකුගේ උත්සාහයක්ම පමණයි. මම නම් දැක්කා ජනාධිපති රූපවාහිනියෙන් කියනවා කිසිම හේතුවක් නිසා රසායනික පොහොර තහනම ආපසු හරවන්නේ නැත කියා කියනවා.
ආණ්ඩුවේ පන නැති කම රෙද්ද පල්ලෙ බේරෙනවා
උගත්කමක්, දැනුම සහ මොලයක් තියෙන අය පාර්ලිමේන්තුවට සහ රට වෙනුවෙන් තීරණ ගැනීමට ගියා නම් මේ වගේ දේවල් සිදුවීම වළකිනු ඇත. නිලධාරියෙකුගෙන් වැරදි දැනුම් දීමක් සිදුවූවිට තම දැනුම සහ මොළය පාවිච්චි කර නිවැරැදි තීරණ එළි දකිනවා ඇත...
සිරිසේන මොටද විහිලුව සපයන්න බැරී, සරත් මොටද කලවැද්දෙක් වෙන්න බැරී, ලොහාන් මොටද හිර ගෙදරට යන්න බැරී, නන්දෙ මොටද කිව්ව වැඩ කරගන්න බැරී...