(ඉන්දිකා රාමනායක)
හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාරය තුළදී එහි වෛද්‍යවරයකුට තර්ජනය කර අපහාසාත්මකව බැන වැඳීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර විනිශ්චය සභාවක් හමුවේ විභාග කිරීමට නියමිත බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර සහකාර අධිකාරිවරයකු යටතේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එම වාර්තාව අනුව ස්වාධීන තීරණයක් ගැනීම සඳහා බන්ධනාගාර විනිශ්චය සභාව හමුවට ඉදිරිපත් කරන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන පුනරුත්තාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
බන්ධනාගාරය තුළ දී කිසියම් පුද්ගලයකු වරදක් සිදු කරන්නේ නම් බන්ධනාගාර ආඥා පනතේ 87 (1) වගන්තිය අනුව බන්ධනාගාර විනිශ්චය සභාවක් හමුවට ඉදිරිපත් කර විමර්ශනය කරන බවත් ඒ අනුව මෙම සිද්ධිය ද විනිශ්ච සභාව හමුවට ඉදිරිපත් කරන බව චන්දන ඒකනායක මහතා පවසයි.
මෙම විනිශ්ච සභාව මහේස්ත්‍රාත්වරයකු ගේ ප්‍රධානත්වයෙන් කටයුකු කරන බවද ඒ මහතා කියා සිටියේය.
බන්ධනාගාර රෝහල තළ දී පසුගියදා රිෂාඩ් බදුර්දීන් මහතා එහි වෛද්‍යවරයකුට බැන තර්ජනය කරමින් අපහාස කරමින් රාජකාරියට බාධා කර ඇති බවද චන්දන ඒකනායක මහතා කීය.
2025 දෙසැම්බර් මස 04
486
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
468
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රිෂාඩ් බන්ධනාගාර විනිශ්චය සභාවක් හමුවට