(සුමතිපාල දීයගහගේ සහ ඩී ජී සුගතපාල)
වෘත්තීය පුහුණු කටයුතු සහ නිපුනතා සංවර්ධන අමාත්‍යංශය විසින් අහංගම අහන්ගම්කන්දේ ඉදිකරවන ලද සංචාරක හෝටල් පාසැල වෘත්තීය පුහුණු නිපුනතා සංවර්ධන, පුද්ගලයින් නැවත පදිංචිකරවීම සහ සමුපකාර ඇමති රිෂාඩ් බදියුදීන් මහතා අතින් අද (31) විවෘත කිරිමට නියමිතව තිබුණද එම උත්සවයට විශාල පිරිසක් විරෝධය පල කිරිම නිසා දැඩි උණුසුම් තත්වයක් ඇති විය.
රිෂාඩ් බදුයුදීන් මහතාට විරෝධය පල කිරිම සඳහා අද අහංගම නගරයේ වෙළදසැල් වැඩි ප්‍රමාණයක් වසා දමනු ලැබ තිබිණ. භික්ෂූන් වහන්සේලා පිරිසක් ඇතුලු විශාල පිරිසක් අහංගම නගරයේ සිට සටන් පාඨ කියමින් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ගාලු මාතර මාර්ගය ඔස්සේ පාගමනින් කිලෝ මීටරයක් පමණ දුරින් තිබු හෝටල් පාසැල විවෘත කිරිමේ උත්සව භූමිය කරා පාගමනින් පැමිණියහ.
විරෝධතාකරුවන් උත්සව භූමිය අසලට පැමිණෙන විට ඔවුන් අසලට ගිය පොලිසිය
මෙම උත්සවයට රිෂාඩ් බදුයුදීන් ඇමතිවරයා නොපැමිණෙන බව විරෝධතා කරුවන්ට දන්වන ලද නමුත් ඒ ගැන නොතකා විරෝධතාකරුවෝ උත්සව භූමිය ඉදිරිපිටට පැමිණියහ. පසුව විරෝධතාකරුවෝ සටන් පාඨකියමින් උත්සව භූමිය ඉදිරිපිට මහා මාර්ගයේ විරෝධතාවයේ යෙදි සිටියහ.
මෙම අවස්ථාවේ නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු කටයුතු රාජ්‍ය ඇමති බුද්ධික පතිරණ, නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන, හබරාදුව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක තාරක නානායක්කාර සහ හබරාදුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් ඉපලවත්ත යන මහත්වරුන් උත්සව භූමියට ඇතුලුවන විට විරෝධතාකරුවෝ නොකඩා හූ හඩ නැගූහ. පසුව විරෝධතාවය මැද උත්සවය ආරම්භකරන ලදී.
ඒවන විට මහා සංඝරත්නය ඇතුලු විරෝධතාකරුවෝ උත්සව භූමිය ඉදිරිපිට මහා මාර්ගයේ සිට උත්සවයේ කථිකයින් විසින් රිෂාඩ් බදුයුදීන් ඇමතිවරයාගේ නම සදහන් කරන විට නොකඩා හූ හඬ නැගූහ. කෙසේවෙතත් ඇමති රිෂාඩ් බදුයුදීන් මහතා මෙම උත්සවයට පැමිණියේ නැත. එහෙත් ඇමතිවරයා පැමිණෙතැයි බලාපොරොත්තුවෙන් විරෝධතාකරුවෝ උත්සවය අවසන්වන තෙක් උත්සව භූමිය අසල රැඳී සිටියහ.
විරෝධතාකරුවන්ට උත්සව භූමියට ඇතුලුවීමට නොහැකිවන පරිදි පැය 2ක පමණ වේලාවක් උත්සව භූමියට ඇතුලුවන දොරටුව ඉදිරිපිට පොලිස් නිලධාරීහු රැඳී සිටියහ.
හබරාදුව කොක්වත්ත නිග්‍රෝධාරාමාධිපති අත්තරගොඩ පියනන්ද හිමියන් ප්‍රධාන භික්ෂූන්වහන්සේලා ඇතුලු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටියහ. උත්සවය අවසන්වූ පසු විරෝධතාකරුවෝද සාමකාමිව විසිර ගියහ.
රටට ආදරය කරන ජනතාව නැමැති සංවිධානය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.




(ඡායාරූප - සුමතිපාල දීයගහගේ)

(ඡායාරූපය - ඩී ජී සුගතපාල)
COMMENTS
බොහෝ දෙනෙකුට අමතක වුවත් අහංගම මිනිසුන්ට තවමත් මතකයේ තිබීම සතුටට කාරණයක්...
මෙතුමා ගොටාභය සමග පැමිණියහොත් මෙම පිරිස කුමක් කරාවිද? මෙම දේශපාලනයේ එවැන්නක් සිදුවීම නොහැක්කක් නොවන බව මෙම විරෝධතාකරුවන් සිතිය යුතුය. මෙම රිෂාඩ්, බැසිල්, ගෝඨාභය මහින්ද ත්‍රිත්වයේ නිර්මාණයකි.
ආණ්ඩුවෙන් අහිමි වූ ජීවිතවලට සාධාරණයක් ඉටු නොවන්නේ නම් ජනතාව එය ඉටු කළ යුතුයි.
මෙන්න හොඳ ට්‍රෙන්ඩ් (Trend ) එකක්... හැමතැනම ජනතා අධිකරණයේ තීන්දු මේ විදියට සාමකාමීව, විනීතව, අවිහිංසාවාදීව ප්‍රකාශ කළාම, මහජන ඡන්දයෙන් පත්වුණු හරක්ට, මව්බිම උලාකන්න බැරිවෙනවා..
ඇයි බදුර්දීන්ගෙන් පොලීසිය කට උත්තරයක් වත් නොගන්න හේතුව?
ජනතාව විරුද්ධ වුණාට කවුරු බලයට පත් වුනත් මේ උන්නැහේ ගැන ඒ කාගේවත් විරෝධයක් නැහැනේ. මෙයා කවද්ද විරුද්ධ පක්ෂයේ හිටියේ?
කදිමයි මුලුරටේම විය යුත්තේ මෙයයි. මෙය බදියුදීන්ට පමණක් සීමා කරන්න එපා.
රජතුමා එක්ක අහන්ගමට වැඩියා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.
මෙම අවස්ථාවේ නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු කටයුතු රාජ්‍ය ඇමති බුද්ධික පතිරණ, නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන යන අයට හු කිව්වා කියන එක වැරදියි...විරෝධතාකරුවන් එනවිට එම මන්ත්‍රීවරු රැස්වීම් භූමියට ගොස් අවසන්.
රිෂාඩ් ත්‍රස්තවාදීන්ට උදව් කරලා තිබේනම් ඔහුට විරෝධය දැක්විය යුතුය. කොහොම උනත් මෙයාලගේ බලයට යටත් වෙලා ඇමතිකමක් දීල බලය රැකගන්න උත්සහ කරන දේශපාලකයෝ මේවට වගකියන්න ඕනා.
දේශපාලන මාෆියාවට එරෙහිව අහංගම ජනතා විරෝධයට අපගේ හදපිරි ශක්තිය. ජනතාව බුද්ධිමත්ව අතීතය අමතක නොකර සිටීද, දේශපාලකයින් කුමක් කරන්නද? නිසැකවම ජනතා විරෝධයට හිස නමනු විනා. ලංකාවේ මෙවැන්නක් මීට පෙර සිදු නොවුණු නිසයි අද මේ රටට මේ ඉරණම අත් වුයේ. දේශපාලකයින්ගේ නුල ජනතාවගේ අතට පත්විය යුතුමයි.
රජය ඔහුව ආරක්ෂකරලා රැකගත්තාට මහජනතාව ඔහුට විරුද්ද බව දැනගන්න ඕන
රටට වින කරන ඕනෑම දෙසපලුවෙකුටම , රටේ ජනතාව පෙළ ගැසිය යුතුයි.අහංගම ජනතාවට ප්‍රණාමය පුද කරමි.අනෙකුන්ගේත් ඇස් ඇරේව.
දැන්වත් ජාතිවාදය නවත්වා දමන්න. දැනටමත් ලංකාවේ ගමන් බලපත්‍රය එක්ක යනවිට පිටරටවල් බලන්නේ ගෝත්‍රික ජාතියක් විදිහට. මැද පෙරදිග පමණයි මුදල් ටිකක් හොයාගෙන එන්න තියෙන්නේ. එ්කත් නැති වුනු දවසට හිඟාකන්න තමයි වෙන්නේ.
නියමයි, පළමුවම අහංගම කොන්ද පන ඇති ජනතාවට හිසනම ආචාර කරමි, මේවගේම නුවර දළදා මලිගවෙන්ම මේ අන්තවාදීන එලවදමිම පටන්ගතයුතුයි.
මේ විරෝධය 225ටම පෙන්වන්න වගබලාගනිමු. 225ම එළවමු.
කිසිම උත්සවයකට , පිළිගැනීමකට ඔය පුද්ගලයා ගෙන්නන එපා. රට විනාස කලේ ඒ අය .
ඇයි මෙයාට නීතියෙන් දඬුවම් කරන්න බැරි? රටක නීතිය කාටත් පොදු වියයුතුයි.
මේ විරෝධතාව පිටුපස ඉන්නේ ගෝඨාභයගේ කණ්ඩායමක් කියලත් කියනවා. "රටට ආදරේ ජනතාව" යනුවෙන් සඳහන් බැනර් එහිදී ප්‍රදර්ශනය කෙරුණු නමුත් එම විරෝධතාවය සඳහා සහභාගිව සිටි සියලුම දෙනා පොදුජන පෙරමුණේ පිරිසක් බවයි කියන්නේ. මීට පෙරද රිෂාඩ් බදූර්දීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණු මොහොතේද "රිෂාඩ් බදූර්දීන්ට විරුද්ධව ඡන්දය නොදී ගමට එන්න එපා" යනුවෙන් සඳහන් බැනර් රටපුරා ප්‍රදර්ශනය කරවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කළ බවත් වාර්තාවී තිබුණා."කෙසේවෙතත් මුස්ලිම් දේශපාලනඥයින්ට ප්‍රහාර එල්ල නොකරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබුණු නමුත් එය නොතකා ක්‍රියා කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන්ට හිතවත් කණ්ඩායම් යොදවා ඇති බවයි වාර්තා වෙන්නේ. තම පිරිස් බලය යොදවා සංවිධානාත්මකව මුස්ලිම් දේශපාලනඥයින්ට එරෙහිව විරෝධතා පැවැත්වීමට සහ තම ප්‍රචාරණ ව්‍යාපෘතියට සම්බන්ධ මාධ්‍ය හරහා එම විරෝධතාවලට දැවැන්ත ප්‍රචාරණයක් ලබාදීමටත් තීරණය කර තිබෙන බව සඳහන්... මේ විරෝධතාවයට දැවැන්ත මාධ්‍ය ප්‍රචාරණයක් ලබාගැනීමෙන් එම උත්සාහය පෙනුණ බවයි කියන්නේ...
මොවුන් එක්ක අැයි හොඳයිකම් කියන එජාප බැලයින්ටත් ඉදිරියේදී සලකන්න ඕනෑ මෙහෙමයි.
අපේ මිනිස්සුන්ට කරන්න ඕන දේ තේරෙන්නේ නැහැ. බදුර්දීන් තනි පුද්ගලයෙක්. මෑතකාලයේ පොලිසියෙන් සහතිකයක්ද කොහෙදත් හම්බවුනා මට මතක හැටියට. ඕක අතැරලා සියලුම පාලකයන් යන එන උත්සවවල පොදුනීතිය, මුහුණු ආවරණ තහනම් නීතිය මෙන්න මේවා ගෙනෙන ලෙස බලකර උද්ඝෝසන කල යුතුයි මිනිසුනේ.
Nishan කරුණා අම්මාන් ආවොත් කරේ තියාගෙන යනවා කිව්ව ඔබටයි අමතක කරන්න එපා මේ රට ත්‍රස්තවාදයෙන් මුදා ගන්න ඔහු අවසාන මොහොතේ හරි තේරුම් අරගෙන රටට ආදරේ කලා එහෙම නොවෙන්න යුද්දේදී අපේ වීරෝධාර රණවිරුවන් මීට වඩා දිවි පුදන්න තිබුනා. තමන් කරපු වැරදි පිලි අරගෙන නිවැරැදි වන මිනිස්සුන් ගැන බුදු දහමේත් දේශනා කරලා තියෙනවා. උදාහරණයක් අංගුලිමාල. මේ වගේ මෝඩ කතා කියන්න කලින් දෙපාරක් හිතලා බලන්න..
අපේ රටේ මිනිස්සු සලකනවා වැඩියි. මේ සති අන්තය පටන්ගනිද්දි ගුවන්තොටුපලට ගියානම් ඒක දැක ගන්න පුළුවන්.
බදුර්දින්ටත් කරුණා අම්මාන්ට වගේ දේශප්‍රේමී වෙන්න ඕනේ නම් කරන්න තියෙන්නේ ඒකාබද්ද විපක්ෂෙට (අපේ පක්ෂෙට ) එකතු වෙන්න විතරයි. දොස්තර සාෆි වගේ. එතුමා අපේ පක්ෂෙට එකතු වුනා විතරයි වද බෙහෙත් නැ, කුරුණෑගල රෝහලේ ගෑනු වද කරපු කතාව බොරුවක් උනා වගේ 2010 කපන්න පටන් ගත්තු විල්පත්තුව කපලා නැ කියල කට උල් කරලා කියයි.