IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රිෂාඩ් නිවාස සීමාවේ තබන්නැයි ඉල්ලයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

රහස් පොලිස් රැදවුම් බාරයේ රදවා සිටින  පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුද්දීන් මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් වන තුරු ඔහුගේ නිවසට සීමාවන පරිදි රැදී සිටිය හැකිවන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද (08) ඉල්ලා සිටියේය.

රැදවුම් බාරයේ සිටින අයකු නිවාස අඩස්සියේ තැබීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 11 වැනි වගන්තිය යටතේ ආරක්ෂක ඇමතිවරයාට බලයක් ඇති බැවින් ,එවැනි නියෝගයක් තම සේවාදායකයාටද ලබා දෙන ලෙසද ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කළේය.

රිෂාද් බදුද්දීන් සහ ඔහුගේ සෙහොයුරු රියාජ් බදුද්දීන් යන මහත්වරුන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී එම ඉල්ලීම කළේය.

මෙම පෙත්සම් විජිත් මළල්ගොඩ , ගාමිණී අමසේකර සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවිණි.මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු සිව් දෙනෙක් මෙම පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වූහ.

පෙත්සම්කාර රිෂාඩ් බදුද්දීන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා මහතා කියා සිටියේ තම සේවාදායකයා දැනට රහස් පොලිස් රැදවුම් බාරයේ රදවා තබා ගෙන සිටින බවත් , ඔහු කොවිඩ් රෝගයට ගොදුරු වීමේ දැඩි අවදානමක් ඇති බැවින් ඔහුගේ ජීවිතයට හානි සිදුවිය හැකි බවය.

 



අදහස් (0)

රිෂාඩ් නිවාස සීමාවේ තබන්නැයි ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site