IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රවී - ඇලෝෂියස් ඇතුළු සිව් දෙනා ගොනු කළ පෙත්සම් විභාගය කල් යයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක , පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ  සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝෂියස් ඇතුළු හතර දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම් පිළිබද වැඩිදුර විභාගය ලබන ජුනි 19  වැනිදා කැදවීමට අභියාචනාධිකරණය අද  ( 15) නියම කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ  බැදුම්කර වෙන්දේසි දෙකක දී රජයට අයත් රුපියල් බිලියන 52ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව අත්හිටුවන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබිණි.

අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ. මෙම පෙත්සම් අභියාචනාධිකරණ සභාපති  ඒ .එච්.එම්.ඩී.නවාස් , ශිරාන් ගුණරත්න සහ  සෝභිත රාජකරුණා  යන මහත්වරුන්ගෙන්  සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (15) සලකා බැල අවස්ථාවේදීය .

ඒ අනුව මෙම පෙත්සම් සම්බන්ධයෙන් නීතිපතිවරයා ගේ වැඩිදුර කරුණු  දැක්වීම් ජුනි 19 වැනිදා සිදු කිරීමට නියමිතය .

හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක , පර්පචුවල් ට්රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝෂිස් , මහ බැංකු වේ හිටපු නිලධාරියෙකු වන සංගරපිල්ලෙයි පද්මනාදන් සහ බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර නැමැත්තන් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.

නීතීඥ ගෞරී තවරාසා සහ සුදත් පෙරේරා නීතීඥ සමාගම ගොනු කර ඇති මෙම රිට් පෙත්සම් හී වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය  වංචා අංශයේ ස්ථානාධිපතිවරයා, එම අංශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී. අම්පාවිල, වැඩබලන පොලිස්පති සි.ඞී.වික්‍රමරත්න , කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක,  කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරයා යන අය නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරුවන්  සිය පෙත්සම් මඟින් කියා සිටින්නේ 2016 වසරේ සිදුවූ බැඳුම්කර වෙන්දේසි දෙකක් තුළින් රජයට රුපියල් බිලියන 52 කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන් භාරගන්නා ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා විසින් ඉකුත් මාර්තු 06 වැනිදා  වරෙන්තු නිකුත් කළ බවයි.

මෙම වරෙන්තු නිකුත් කිරීම මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකර තිබෙන්නේ ස්වභාවික යුක්තිය නැමති නීතිමය මූලධර්මයට පටහැනිව බව පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මඟින් පෙන්වා දෙති

එබැවින් මෙම නඩු කෘතියට අදාළව පොලීසිය විසින් ගොනුකර තිබෙන බී වාර්තාව සහ ඒ මත පදනම්ව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ වරෙන්තුව බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද රවි කරුණානාය
ක මහතා ඇතුළු පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබිණී.

ඊට අමතරව තමන්ව අත්අඩංගුට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නයි නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත නිකුත් කර තිබෙන උපදෙස්ද බලරහිත කරන ලෙසද පෙත්සම්කරුවෝ  අභියාචනාධිකරණයෙන් ඉල්ලා  සිටිති.
 
එසේම මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ගෙන් ඉවත් කර වෙනත් මහේස්ත්‍රාත්වරයකු වෙත යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ද අදාළ පෙත්සම් වලින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
 
තමන්ට එරෙහිව කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් එම වරෙන්තුව නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් , එබැවින් තම රිට් පෙත්සම විභාගයට ගන්නා ලෙසත් , එම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරැ වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කාර හිටපු අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවි කරුණානායක මහතා ඇතුළු පිරිස සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති.
 
මීට පෙර මෙම පෙත්සම් අභියාචනාධිකරණය හමුවේ ඉකුත් මාර්තු 13 වැනිදා සලකා බැලූ අවස්ථාවේදී ඒ වනවිට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අත්අඩංගුවට  ගැනිමට  වරෙන්තු ලැබ සිටි හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක , පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝෂියස් ඇතුළු හතර දෙනා මාර්තු 13 වැනි දින පස්වරු 4 ට පෙර කොටුව මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් වන්නේනම් ඔවුන් සමිබන්ධයෙන් වැඩිදුර කිසිදු නියෝගයක් නිකත් නොකරන ලෙසට  අභියාචනාධිකරණ කොටුව මහේස්ත්‍රාත්වරයාට නියෝග කර තිබිණි.

ඔවුන් එසේ  නොකරන්නේනමි නිතිප‍්‍රතිපාදන අනුව කටයුත කරන ලෙසද අභියාචනාධිකරණය ඉකුත් මාර්තු 13 වැනිදා නියෝග කළේය.
 
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන ෆයිස් මුස්තාෆා , රියන්සි අර්සකුලරත්න , නවීන් මාරපන යන මහත්වරුන් පෙනී සිටියහ.නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය.

2016 වසරේ මාර්තු මස පැවති බැදුම්කර වෙන්දේසි දෙකක දී රජයට රුපියල් බිලියන 52ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්, එහි සභාපති ජෙෆ්රි ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු  10 ක් අත්අඩංගුවට ගන්නා ලෙස ඉකුත් මාර්තු 06 වැනිදා කොළඹ කොටුව අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබුණි.
 

 



අදහස් (3)

රවී - ඇලෝෂියස් ඇතුළු සිව් දෙනා ගොනු කළ පෙත්සම් විභාගය කල් යයි

Raveenda Friday, 15 May 2020 01:43 PM

අනේ ඇයි මේ අහිංසක හිටපු හොදම මුදල් ඇමතියව මෙහෙම රස්තියාදු කරන්නේ.? ඔන්න ඔය මිනිහව නිදහස් කරන්න අනේ... කුරාකුබියෙකුටවත් හිංසාවක් නැති ගේදොර වතුපිට හරක බාන සියල්ල අමතක මේ මිනිහව නිදහස් කරන්න අප්පා...

:       0       0

විජේ Friday, 15 May 2020 10:46 PM

මම තේරුම්ගත්ත විදිහට රවී කියන්නෙ ලංකාවෙ හොරෙක්. වලටත් ගහයි හෙන. "කොයිලොව යන්නේ මරනින් පස්සේ පින් පව් එනවා අපි පසුපස්සේ"....

:       0       9

Raveendra Saturday, 16 May 2020 03:21 AM

මේ මේ අර සතොස, මහා බැංකුව , ස්වීප් කඩේ එතකොට එකී මෙකි නොකී හැමදෙයක්ම හරිම සාධාරණව ගිල්ල ඇම්ඩන් නේද ....? මොකද මේ ඇම්ඩන් මේ පැත්තේ....?

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 715 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site