IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


රවිරාජ්ගේ බිරියගේ පෙත්සම යළි විභාගයට ගැනීමට නියෝග

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුව බලරහිත කොට ,ජූරි සභාවක් නොමැතිව එම නඩුව යළි විභාග කරන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා එම හිටපු මන්ත‍්‍රීවරයාගේ භාර්යාව විසින් ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම ලබන අපේ‍්‍රල්  04 දින විභාගයට ගැනිමට අභියාචනාධිකරණය අද (30)නියෝග කළේය.

මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන දිපාලි විජේසුන්දර සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන් හමුවේ  කැඳවූ අතර එහිදී මෙලෙස පෙත්සම් විභාගයට දින නියම කෙරිණි.

එහිදී මෙම පෙත්සමේ දෙවැනි වගඋත්තරකරු ලෙස නම් කර සිටින නාවික ලූතිනන් කමාන්ඩර් ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නැමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

වගඋත්තරකාර ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නැමැත්තා අධිකරණය හමුවේ කියා සිටියේ තමා රක්ෂිත බන්ධනාගාර ගතවී සිටින බවත් , ඒ අනුව නීතීඥවරයකු ඉදිරිපත් කිරීම සඳහා මාස දෙකක පමණ කාලයක් ලබා දෙන ලෙසය.

ඒ අනුව අභියාචනා පෙත්සම ලබන අපේ‍්‍රල් 04 වැනිදා කැඳවීමට නියම කළ අභියාචනාධිකරණය එදිනට නීතීඥවරයකු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස දෙවැනි වගඋත්තරකරුට නියම කෙරිණි.

අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකාර නාවික හමුදා නිලධාරීන්ගේ ඉල්ලීම මත ජූරි සභාව හමුවේ මෙම නඩු විභාග පැවැත්වීමට මහාධිකරණ විනිසුරුවරයා 2016 ඔක්තෝබර් 27 වැනිදා අවසර දුන් බව පෙත්සමේ දැක්වේ.

පසුව ජූරි සභාව සිංහල භාෂාව කතා කරන අයගෙන් සමන්විත විය යුතු බවට විත්තිකරුවන් ඉල්ලීමක් කළ අතර ඒ අනුව විශේෂ ජූරි සභාවක් මහාධිකරණ විනසුරුවරයා විසින් පත් කරන ලද බව පෙත්සමේ දැක්වේ.

විත්තිකරුවන්ට එරෙහිව චෝදනා පිළිබඳව නිසි ලෙස සැලකිලිමත් නොවී ජූරි සභාවක් පත් කිරීමෙන් අගතියක් සිදුව අතැයි පෙත්සමේ සඳහන් වේ.



අදහස් (1)

රවිරාජ්ගේ බිරියගේ පෙත්සම යළි විභාගයට ගැනීමට නියෝග

sandy123 Wednesday, 30 January 2019 07:40 AM

ඡන්දයක් අත ලග බව මට විතරද හැගෙන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 507 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 474 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site