(ඩයනා උදයංගනී)
අනුරාධපුර රුවන්වැලි මහා සෑයෙහි නව චූඩා මාණික්‍යය පැළඳවීම අද (25) පස්වරු 6.00ට පමණ සිදුකෙරේ.
එම කොත් වහන්සේ නිරාවරණය කිරීම සිදුවන්නේ හෙට (26) වැනිදා උදෑසන 10.00ට තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහ නා හිමියන් අතිනි.
නව කොත් වහන්සේ පැළඳවීම පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිදුකිරීමට නියමිත අතර හෙට (26) දහවල් සංඝගත දක්‍ෂිණාවක් හා සවස ආශීර්වාද පූජාවක් ද පැවැත්වීමට නියමිතය.
දියමන්තිවලට පමණක් දෙවැනි වන රොක් ක‍්‍රිස්ට්ල් නම් පළිඟු පාෂණ සැපයීමේ සහ කැටයම් කිරීමේ කටයුතු සඳහා අංක එකේ ආයතනය ලෙස හැඳින්වෙන ඕස්ටේ‍්‍රලියානු සමාගමක් හරහා ලබාගත් ඉතා වටින දුර්ලභ පළිගුවකින් මෙම චූඩා මාණික්‍යය නිර්මාණය කර ඇත්තේ ද එම ඕස්ටේ‍්‍රලියානු සමාගම විසිනි.
එහි පාදම පිරිසිදු රත‍්‍රන් යොදාගෙන ලෝක ප‍්‍රසිද්ධ සිංගප්පූරු සමාගමක් මගින් නිර්මාණය කර ඇත.
මෙම රන් පාදම වෙනුවෙන් පිරිසිඳු රත්තරන් කිලෝ ග‍්‍රෑම් 28 කට වැඩි ප‍්‍රමාණයක් මෙන්ම හැඩ ගන්වන ලද ස්වාභාවික නිල්මැණික් සහ රතු මැණික් ගල් 4,300 ක් යොදාගෙන තිබේ.
මෙම නව චූඩා මාණික්‍යය ජනතාවට පසුගිය දිනවල ජනතාවට වැඳපුදා ගැනීම හා දැකබලාගැනීම සඳහා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයෙහි සහ කුරුණෑගල ඇත්කඳ විහාරයෙහිත් 22 වැනිදා රාත‍්‍රියේ රුවන්වැලි සෑය අභියස කුටියකත් තැන්පත් කර තිබිණි.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නා හිමියන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම කටයුතු සිදුකෙරේ.
COMMENTS
රොක් ක්‍රිස්ටල් පලිඟු, රත්‍රන් කිලෝ 28ක්, මැණික් ගල් 4300ක්.. සාදු සාදු සාදු..! බෞද්ධයෙක් විදියට කොහොමද කියලා හිතා ගන්නවත් බෑ...
සාදු සාදු සාදු...! බොහොම හොඳයි. නැවත වතාවක් රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ සිදුකරනවිට ජනතාව මුලින් දැනුවත් කරන්නේ නම් ඉතා වටිනවා. නැත්තම් මිනිස්සු සැකේට බැනලා පව් පුරවා ගන්නවා. ඒ වගේම අරමුදල් ලබාදීමට ජනතාවටද අවස්ථාවක් ලබාදීම සුදුසුය.
මොස්කව් වල මුළු වින්ටර් මාලිගාවේම ආලේප කරලා තියෙන්නේ රත්තරන් කිලෝ තුනය් (3). රත්තරන් කිලෝ විසි අටකින් (28) මේ ගොල්ලෝ මොනවා කළාද?
මේ වැඩකටයුතු පිටරැටියන්ට දී සිංහල බෞද්ධයින්ට නොදුන්නේ ඇයි? මේ නටබුන්වූ ලෝක උරුමයත් රුවන්වැලි මහා සෑයත් හැදුවේ සිංගප්පුරු සහ ඕස්ට්‍රේලියානුවන් කියලා හිතලාද?