(නිමන්ති රණසිංහ)
පුද්ගලයන් 11දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියකට වරෙන්තු ලැබ සිටි නේවි සම්පත් නැමැත්තාට රටින් පලායාමට සහ සැඟවී සිටීමට ආධාර අනුබල දුන්නැයි කියන සිද්ධියට අදාළ සැකකාර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා සම්බන්ධ නඩුව ලබන ඔක්තෝබර් 9 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද(17) නියෝග කළේය.
එම සිද්ධියට අදාළ පළමු සැකකරු වූ නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ලක්සිරි යන අයට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවීමට ද අධිකරණය නියෝග කළේය.
මෙම සිද්ධියේ දෙවන සැකකරු වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතාද අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd