(නිමන්ති රණසිංහ)
බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අදාළව ඉදිරි දින හත තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට සිය සම්පූර්ණ ප‍්‍රකාශය ලබාදෙන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතාට අද (21) නියෝග කළාය.
මෙම අධිකරණ නියෝග ලැබී දින 7 ක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකක 1 හි පෙනී සිටිමින් මෙම ප‍්‍රකාශය ලබා දී විමර්ශනයට සහාය දක්වන ලෙසට ද අධිකරණය වැඩිදුරටත් එම නියෝගයේ සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එයාට මතක නැති වන ලෙඩේ හැදෙයි නේද?
කාලයක් ගතවෙලා නිසා මේ පිළිබඳව මොකුත් මතක නැතිව ඇති. එයා කියයි එදා මම මොකුත් කිවුවේ නැහැ කියල.
අනේ අපි වගේ එවුන් නම් දෙකක් ඇනලා ඉළ ඇටත් කඩලයි ඇදගෙන යන්නේ. මොවුන්ට කියනවා ගිහිල්ලා සහයෝගය දෙන්නයි කියලා. අහෝ, ඇස් බැඳ අන්ධව ඉන්නවා මදිවට අපේ නීතියේ කන්‍යාව දූෂණයටත් ලක්වෙලා කියලයි මට නම් හිතෙන්නේ...
හොරෙක් වෙලත් කොහොමද තවම ඇමැතිකම් කරන්නේ? බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ...