
(මනෝප්‍රිය ගුණසේකර)
යහපාලන රාජ්‍ය පාලන සමයේදී පැවැත්වූ බැඳුම්කර වෙන්දේසි දෙකකදී රජයට රුපියල් කෝටි ගණනක පාඩු සිදුකළ බවට එම රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා ගොනුකළ නඩු දෙක විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් විශේෂ මහාධිකරණ විනිසුරු මඩුලු දෙකක් අද (18) පත්කරන ලදී.
2015 වසරේ පෙබරවාරි මස සහ මාර්තු මස පැවැත්වූ බැඳුම්කර වෙන්දේසි දෙකකදී රජයට රුපියල් කෝටි ගණනක පාඩු සිදුකළ බවට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රේෂරීස් ආයතනයේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස්, මහ බැංකුවේ නිලධාරීන් ඇතුළු 11 දෙනකුට එරෙහිව නීතිපතිවරයා වෙන වෙනම නඩු පවරා තිබිණි.
මේ අනුව එහි පළමු නඩුව විමසීම සඳහා කොළඹ මහාධිකරණයේ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂදීන් යන විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කර ඇති අතර එම බැඳුම්කර වෙන්දේසියේදී ලංසු ඉදිරිපත් නොකරන ලෙස ලංකා බැංකුවට, මහජන බැංකුවට සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන බැංකුවලට බලපෑම් කළ බවට පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා අමල් රණරාජා, (සභාපති), නාමල් බණ්ඩාර බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳි යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් පත්කර ඇත.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රවීගේ නඩුව ඇසීමට විනිසුරු මඬුලු දෙකක්
puppa Thursday, 18 February 2021 11:46 PM
විනිසුරුවන් 100ක් හිටියත් වැඩක් නැහැ.. නඩුව අහන්නේ ලොක්කාට ඕනෑ විදිහට.. ජනතාවට දැන් දෙන නඩු තීන්දු දැකලා අප්පිරියා වෙලා ඉන්නේ. ඔවුන්ගේ විශ්වාසය ගිහිල්ලා.
C.K.Lankaputhra Friday, 19 February 2021 01:57 AM
එතකොට සීනි ගැසට් එකෙන් රජයට සිදුවූූ පාඩුව විභාග කරන්න විනිසුරු මඩුලු කීයක් පත් කරනවද සර්..?
Hafeel Friday, 19 February 2021 01:28 PM
ඊළඟට පත්වෙන ආණ්ඩුව අර සීනි ගැසට් වංචා සංදර්ශන කරාවි. මේවා තමයි මේ අවුරුදු 73ක්ම වෙන්නේ.