
(එස්.ජී.උබේපාලඋතුරුමැද)
මැදවච්චිය , කැබිතිගොල්ලෑව මාර්ගයේ කැබ් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වු අනතුරකින් දෙදනකු තුවාල ලබා ඇති අතර වාහන දෙකට දැඩි අලාබ හානි සිදුව ඇති බව මැදවච්චිය පොලිස් රථ වාහන අංශය කියයි.
මැදවච්චිය, කැබිතිගොල්ලෑව මාර්ගයේ තම්මන්නෑව වෙල් යාය අසල මාර්ගයේ මෙම අනතුර සිදුව ඇත.
එම අනතුරින් රියදුරන් හට සුලු තුවාල සිදුව ඇත. ඔවුන් ප්‍රතිකාර ගෙන රෝහල්ගත නොවී පිටව ගොස් ඇතැයිද පොලීසය කීවේය. මෙසේ අනතුරට පත්ව ඇත්තේ මාළු ප්‍රවාහනය කළ බොලරෝ වර්ගයේ කැබ් රථයක් සහ කාර් රථයකි.
අනතුරින් කැබ් රථය ප්‍රධාන මාර්ගයේ පෙරලී ඇති අතර කාර් රථය අසල තිබූ වෙල් යායට පෙරැලී තිබුණි.
එම අනතුරින් සිදුවූ වරද පිළිගත් දෙපාර්ශයම අලබ හානි ගෙවා සමතයකට පත්ව ඇති බව මැදවච්චිය පොලිස් රථවාහන අංශය වැඩි දුරටත් පැවැසීය.



2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
348
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රිය අනතුර