
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
රිය අනතුරක් සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පුද්ගලයකුට පහර දුන්නේ යැයි සැකපිට හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුත්‍රයකු (14) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සමගි ජන බලවේගය පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ පුත්‍රයා බව පොලිසිය කියයි.
මහරගම නගරය හරහා හයිලෙවල් මාර්ගයේ යමින් සිටි මෙම පුද්ගලයාගේ මෝටර් රථයේ තවත් මෝටර් රථයක් ගැටී අනතුරක් සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනෙක් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයෙකුට සැකකරු පහරදී තර්ජනය කර ඇතැයි පොලීසිය කියයි.
පසුව ඒ සම්බන්ධයෙන් පහර කෑමට ලක් වූ පුද්ගලයා පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අනතුරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ගමන්ගත් මෝටර් රථයට සුළු හානි සිදුව ඇති බව පොලිසිය පවසයි.
පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී පහර දුන් පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ පුත්‍රයා බවට කරුණු අනාවරණය වූ බව පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පුත්‍රයා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හා බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය මහතාගේ අධීක්ෂණය යටතේ, නුගේගොඩ කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක මහතාගේ උපදෙස් මත, මහරගම පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනකාන්ත මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පවත්වති.

COMMENTS
ආ... මේ දකුණේ උදවියනේ. ඕක ඉතින් අමුතු හැසීරීමක් නොවේ.
නියමයි, මන්ත්‍රී පුතා, අන්න එහෙම තමයි ඉන්න ඕනෑ. හප්පලා විතරක් මදි ගහන්නම ඕනෑ. පොලිසිය අපේ මන්ත්‍රී පුතා වෙනුවෙන් සාධාරණයක් ඉටු කරාවි යයි බලාපොරොත්තු වෙමි.
කොයි දේශපාලුවාගේත් පුත්තු එකයි.
මේවාට තමයි කියන්නේ මන්ත්‍රී - ඇමති වුණා.. එහෙමත් නැතිනම් අගමැති ජනාධිපති වුණා කියලා. දේශපාලුවන්ගේ දරුවන් දන්නේ නැහැ තමන්ගේ තාත්තා කියන්නේ හිඟන්නෙක් කියලා. එහෙන් මෙහෙන් කොමිස් කාලා, හොරකම් කරලා කළු සල්ලි ගෙදරට ගෙනෙන නිසා දරුවෝ හිතන්නේ තමන්ගේ පියා මහා කෙරුමෙක්... එ් නිසා මමත් කෙරුමෙක් කියලා. ජනතාවගේ මුදල්වලින් පඩි ගන්න දේශපාලුවන් බලය තිබෙනකම්ම හිතන්නේ තමන් දෙවියන් වහන්සේටත් වඩා වැඩ කාරයෙක් කියලා. මට එකම ප්‍රශ්නයයි තියෙන්නේ.. ඇයි දෙවියනේ අපේ රටේ මිනිස්සු මේ දේශපාලු යාචකයින්ට වන්දනාමාන කරන්නේ... මිනිස්සුනේ දැන්වත් ඔබගේ බුද්ධිය අවදි කළයුතුයි. ඔබ ඔබගේ දෙමව්පියන්ට, ගුරුවරුන්ට, ආගමික නායකයින්ට ගරු කිරීමක් වශයෙන් වඳින්න. නමුත් ජීවිතයේ කවමදාකවත් දේශපාලකයින් කියන හිඟන්නන්ට වඳින්න එපා. ඒ අයට ගරු කරන්නත් ඕනේ නැහැ. ඔවුන් අපේ වැඩකාරයෝ. ඔබලායි ඔබගේ ඡන්දයෙන් ඔවුන්ව තාවකාලිකව පත්කර ගන්නේ. ඔබ මේ බව ඔබේ දරුවන්ටත් චූටි කාලෙදීම කියලා දෙන්න. එහෙම නැතිවුනොත් ඔබ ඔබේම හෘදසාක්ෂියට බොරු කළ මිනිසෙක් වෙනවා.
ඔය හාදයා අපිත් එක්ක ඕස්ට්‍රේලියාවේ හිටියේ. ඉගෙන ගන්න කියලා ඇවිල්ලා. එහෙදීත් කළේ බිබී, පාටි දදා හිටියා විතරයි. පස්සේ ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට එව්වා. දැන් ලංකාවට ඇවිත් අහිංසක මිනිස්සුන්ගේ සල්ලිවලින් පිස්සු කරනවා. ඔය ගොඩක් ඇමැති පුත්තුන්ගේ කෙරුවාව ඕක තමයි.
තාත්තගේ ඇමතිකම දැන් නැති බව අමතක වෙන්න ඇති...
පුතා දේශපාලකයකුගේ නම් පක්ෂපාට භේදයක් නෑ. නොට්ටිගේ පුත්තුම තමයි.
ආණ්ඩුව මොකක් වුවත් එක රටක් තුළ තිබිය යුතු එක නීතියක් නිසා වෙන්න ඇති දේශපාලක පුතා එදා වගේ අදත් ක්‍රියා කරන්න ඇත්තේ.... කැලේ මාරු වුණාට කොටි පුල්ලි වෙනස් වෙනවයැ..?