(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ ජයන්ත ජයවර්ධන)
කේරල ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත් කර සිටි රංගන ශිල්පී රයන් වැන් රොයන් මහතා ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (02) නියෝග කළේය.
මීට පෙර එම සැකකරු කේරල ගංජා ප්‍රවාහනය කළ බවට පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වා තිබූ අතර අද (02) පොලිසිය දැනුම් දුන්නේ ඔහු සන්තකයේ ඇති වාහනයේ කේරල ගංජා තිබී ඇති බවයි.
ඒ ඉකුත් නඩු වාරයේදී ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත ලබා දුන් නියෝගයකට අනුව කරුණු දක්වමිනි.
ඒ අනුව හෙට (03) ඊට අදාලව සංශෝධිත පැමිණිල්ලක් අධිකරණය හමුවේ ගොනු කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා වැඩිදුරටත් පොලිසියට නියෝග කළේය.
රයන් වැන් රොයන් මහතා දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායක මාකදුරේ මදුෂ් සමඟ ඩුබායි හී දී අත්අඩංගුවට පත්ව එරටින් පිටුවහල් කිරීමෙන් පසු පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රයන් වැන් රොයන් තවදුරටත් රිමාන්ඩ්
ravi Thursday, 02 May 2019 05:22 PM
තෝර මාළු කැවා නම් විඳවපන් බළලෝ..
Ekko මට pissu Thursday, 02 May 2019 09:00 PM
මට හිතා ගන්න බැරි මේ මෙච්චර රටටම මහා පරිමාණ කුඩු බෙදන පාතාලෙට සම්බන්ධ තියෙන බව ඩුබායි මධූෂ්ගේ පාටි කේස් එකෙන් ඔප්පු වෙච්ච මිනිහා, දැන් නිකම් මත්ද්‍රව්‍ය ටිකක් විතරක් වාහනේ තිබුණා කියලා ලාවට ශේප් වෙලා යන හැටි...කාට කියන්නද...
පිටිගල මිලානෝ Thursday, 02 May 2019 09:09 PM
අනේ මේ තියෙන කරදර මැද්දේ මේ අයවත් එලියට දාන්න නම් එපා. කෝල් කරලා සුදු වෑන් එකක් වත් ගෙන්නා ගන්න බැරිද අස්සට දාලා පිටත් කරන්න?
thushari Friday, 03 May 2019 08:54 AM
නළු වෙස්ගත් මේ අමන සමාජ පිළිල වහා රටින් තුරන් කර දමන්න..